Gossip

“ලිංගික ආශ්වාද ප්‍රමාණය මදි කියලා මිනිහා මාව දාලා ගියා. එයා කියපුවා ඔයාත් එක්ක කියන්න බෑ.”

ඔයා ගැහැණියෙක්. දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. එහෙම වෙලා ඔයාට බයක් ලැජ්ජාවක් නැද්ද පතාල කල්ලි වලට සම්බන්ද වෙන්න. මම? පතාල කල්ලි වලට සම්බන්ද නෑහැ. ඒ බොරුනේ ඔයා දකුණේ පතාල කල්ලියකට සම්බන්ද නැහැ.
ඒ බොරු නේ. ඔයා දකුණේ පාතාල කල්ලියකට සම්බන්ද වෙලා කප්පන් ඉල්ලන්න ගිහින්නේ හිරේට ආවේ.
ආ… එහෙම තමයි කියන්නේ. ඒත් මම කල්ලියට සම්බන්ද වෙලා නෑ. කල්ලියක නම කියලා තමයි සල්ලි ටිකක් හොයා ගන්න ගියේ.
ඒ කියන්නේ කප්පන් ගන්න ගියා?
ඕව් කප්පන් ගන්න තමයි ගියේ.
රස්සාවකුත් තියාගෙන ඇයි අනුන්ගේ සල්ලි බලේන් ගන්න හදන්නේ?
රස්සාවනම් තියෙනවා. ඒකෙන් හම්බ වෙන සොච්චම් පඩියෙන් මට දරුවෝ තුන්දෙනා එක්ක මාසයක් හරියට කන්නවත් මදි.
ඇයි මහත්තයා රස්සාවක් කරන්නේ නැද්ද?
මහත්තයා? මහත්තයාග එහෙම කෙනෙක් මගේ ගෙදර නෑ.
ළමයාගේ තාත්තා නැද්ද?
ඉන්නවා වෙන ගැණියෙක් ළග.
ඇගේ ස්වරය එන්න එනනම දර දඩු වන බවක් මට හැගිණි. දැස් වලින් ගිනි පුපුරු පිටවන තරම්ය. සැමියා මතක් කිරිමට පවා ඇයට දැඩි තරහක් උපදවන කරුණක් බව මට වැටහෙන්නට විය.
එබවින් මා ඇයගෙන් සැමියා පිළිබද විමසිම නවත්තන්නට මම තිරණය කළෙමි. ඒහෙත් ඇය ඉලගට දිගටම කියන්න වුයේ සැමියා ගැනය.
මේ අහන්න මම කියන්නේ ඇත්තම ඇත්ත. මගේ ළමයින්ගේ තාත්තා මගේ කසාද මිනිහා වෙන්න කලින් බලන්න තිබුණා මට තිබ්බ ආදරේ. මම ඒ මිනිහාගේ බොරු ආදරයට රැවටිලා අම්මලාටත් හොරා පැනලා ආවේ එයාගේ ලෝකෙ රැජින වෙන්න හිතාගෙන.
බැදපු මුල් කාලේ ඉදන්ම ඔයාට එයා වෙනස්කම් කළාද?
නෑ නෑ අවුරුදු අටක් වෙනකම්ම මාත් එකක් හොදට හිටියා. ඉට පස්සේ ටිකෙන් ටික තමයි එයා වෙනස් වෙන්න පටන් ගත්තේ. මෙහෙමයි නෝනා මගේ දරුවෝ තුන්දෙනාම හම්බ වුණේ නොමල් විදියට. ඉතින් ළමයි තුන් දෙනෙක් හම්බ වෙද්දි ඔය සමහර කොටස් වැහිරිලා යනවනේ.
මට හිතෙන්නේ ඉට පස්සේ තමයි එපා වුණේ. මට තෙරෙනවා ඔයා කියන දේ. ඔයා එහෙම සැක හිතන්නේ එයා ඔයාට ඒ වගේ කතාවක් කිව්වද?
කෙළින්ම කිව්වේ නෑ. ඒත් එයා මාත් එක්ක ඉන්නකොට කියන කතා වලින් මම එක තේරුම් ගත්තා. එයා කියපුවා ඔයාත් එක්ක කියන්න බෑ. තරුණ වයසේදි දි හදවතට පෙම් බදින පිරිමින් අතරින් සමහරු කල් ගතවෙද්දි බිරිදගෙන් ලැබෙන ලිංගික ආශ්වාදය ප්‍රමාණය ගණනය කොට ඇයට තව තවත් පෙම් බදිමට හෝ ඇයගෙන් ඇත් විමට හෝ දරණ උත්සහය ගැන මට පුදුම හිතිනි.
මා තත්පර ගණනාවක ගැඔුරු කල්පනාවක යොමු වෙද්දි ඇය මා ඇමතුවාය. මේ අහන්නකෝ මම ඒ රස්සාවට ගියේ සැමියා නොසලකා හරින්න පටන් ගත්තට පස්සේ. ටික ටික ඇත් වෙද්දි මිනිහා බාලම දරුවට අවුරුදු දෙක වෙද්දි වෙන ගැණියෙක් අරන් යන්න ගියා.
ඔයා දන්නවද එයා ගියපු මුල්ම දවස් වල මම විදපු මානසික වේදනාව. වටේ අපහාසය ඒ මදිවට. දරුවන්ට හරියට කන්න බොන්නවත් සල්ලි නෑ. ඉට පස්සේ මම අම්මා ලගට දාලා ඔ.ටි කරන්න ගියා.
මොනවා කලත් හම්බවෙන ගාන මදි. මම පත්තර වල ටිවි වල දැක්කා සමහර පාතාලකාරයො මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලනවා. ටෙලිෆොන් කරලා මිනිස්සුන්ගෙන් බය කරලා සල්ලි ඉල්ලලා බය කරහම මිනිස්සු සල්ලි දිපු අවස්තා මම දැක්කා. මටත් හිතුණා වැඩිපුර සල්ලි ටිකක් හොයන්න මේ ක්‍රමය හොදයි කියලා.
ටෙලිෆොන් වලින් සි.සි.ටි.වි කැමරා වලින් අපරාද කාරයෝ අලිල ගන්න පුළුවන් බව දැනගන හිටියත් අහු නොවෙන්න කරන්නේ කොහොමද කියලා මට තේරුනේ නෑ. එකයි මට වැරදුනේ.
ඔයා මොකද කළේ?
මම එක්කෙනෙක්ගෙන් කප්පන් ඉල්ලුවා.
කොහොමද ඉල්ලුවේ
පාතාල කෙනෙක්ගේ නමක් කියලා.
ඔයාගේ කටහඩින්මද?
නැ කටහඩ වෙනස් කරලා සැරට කතා කළා.
මොන ෆොන් එකෙන්ද?
මගේ ෆොන් එකම තමයි.
එකයි මට වැරදුනේ.
ඔයා කතා කළාම ඒ කෙනා බය වුණාද?
ඔව් බය වුණා. අර පාතාලයගේ නම කිව්වම හොදටම බය වුණා.
ඉතින් කප්පන් දෙන්න පොරොන්දු වුණාද?
ඔව්.
කොහෙදිද?
මම වැඩ කළේ ෆුඩ් සිටියකනේ එතනට ඇවිත් දෙන්න කිව්වා. ඒ මිනිහා එකට කැමති වුණා.
ඊට පස්සේ මොකද වුණේ?
එදා ඒ මනුස්සයා සල්ලි පාර්සලයත් අරගෙන ආවා.
ඔයා කියක්ද ඉල්ලුවේ?
ලක්ෂ දහයක්.
එයා ඔයාට සල්ලි දුන්නද?
ඕව් පාර්සලය අතට ගන්න කොටම වටේ පිටේ බඩු තොර තොර හිටපු ගැනු දෙන්නෙකුයි, පිරිමි හතර දෙනෙකුයි පැනලා මාව වටකර ගත්තා.
බලද්දි ඒ මිනිස්සු පොලිසියෙන්. අර මිනිහා සල්ලි විදියට කොළ වගයක් ඔතාගෙන ඉදලා තියෙන්නේ.
අනේ මම පොලිස්සියට කොටු වුණා.
දැන් ළමයි කෝ?
අපේ අම්මා ළග ඉන්නවා.
අම්මට ආදායම් මාර්ගයක් තියෙනවද?
නෑ.
ඉතින් ළමයි කන්නේ බොන්නේ කොහොමද?
අනේ මන්දා නෝනා උන්ව පරිවාසයට දාන කතාවක් කිව්වා.
අම්මා මාව බලන්න එන්නේ ඉදලා හිටලා.
මොනවා කරන්නද කියලා මම දන්නේ නෑ.
දැන් ඔයාට මොනවද හිතෙන්නේ ?
මොනවා කරන්නද කරපු ගොන් කම කියලා හිතෙනවා.
තව කොච්චර කල් ඇතුලේ ඉන්න වෙයිද?
කියන්න දන්නේ නෑ තාම රිමාන්නේ.
ඇතුලට ඇවිත් කොච්චර කල්ද?
වැඩිකල් නෑ මාසයයි.
ඇප ලැබුණේ නැදිද
ඇප ලැබෙන්න ඉල්ලන්න එපැයි.
ඇයි ඉල්ලන්නේ නැත්තේ ?
මම වෙනුවෙන් ඉල්ලන්න නිතිඥයෝ නෑ.
ආ එකත් ඇත්ත. ඉතින් මොකද කරන්නේ ?
ගිය සතියේ නිති ආදාර එකෙන් ආවා. මාත් එක්ක කතා කරපු නෝනා කිව්වා තව ටික දවසක් ඉන්න ඇප අරන් දෙන්නම් කියලා.
ඇය කදුලු පිරි දැස් මා වෙත යොමු කොට ආයාවනාත්මක බැල්මක් හෙළිය. මම ඇයගේ පිටට සිහින් තට්ටුවක් දමා මම ඇයගෙන් සමුගතිමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!