Gossip

Google Maps සේවාවට එහා ගිය ගූගල් ට්‍රාන්සිට් (Google Transit) සේවාව ශ්‍රී ලංකාවට ලබාදෙයි

ගූගල් ට්‍රාන්සිට් (Google Transit) සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.
ඒ මෙරට පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන ලක්ෂ ගණනක් වන ජනතාවගේ ගමනාගමන විකල්ප වැඩි දියුණු කරමින්.
ගූගල් ට්‍රාන්සිට් සේවාව යනුවෙන් අදහස් කරන්නේ ගූගල් සමාගම විසින් සිය පාරිශීලක ජනතාවට නොමිළයේ ලබා දෙන තවත් සේවාවකි.
මෙය ගමනාගමනයේදි නිවැරදි, කෙටි මෙන්ම මාර්ග තදබදය අඩු මාර්ග තෝරා ගැනීමට භාවිතා කරනා ගූගල් මැප්ස් (Google Maps) සේවාවටම අනුබද්ධ සේවාවක් ලෙස හැදින්විය හැකියි.
ගූගල් මැප් සේවාවට එහා ගිය ගූගල් ට්‍රාන්සිට් (Google Transit) සේවාව මගින් ඔබට තෝරාගත් ඕනෑම මාර්ගයක පොදු ප්‍රවාහන විකල්ප පිළිබඳ තොරතුරු ලබාදේ.
යම් කෙනෙකුට යම්කිසි ගමනාන්තයකට ලඟා වීමට අවශ්‍ය නම් තෝරා ගත් ගමනාන්තයට යා හැකි බස් රථ, දුම්රිය ඒවා ලඟා වෙන හා පිටත් වන වේලාවන් පමණක් නොව එම බස් රථ සහ දුම්රිය නවතා තබනා ස්ථාන පවා මෙම සේවාව මගින් ගූගල් පරිශීලකයන්ට නොමිලේ ලබාගැනීමට හැකියාව තිබේ.
මෙම සේවාව බස්නාහිර පළාත තුල පසුගිය දින ක්‍රියාත්මක වූ අතර ක්‍රමිකව දිවයින පුරාම මෙම සේවාව ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම සේවාව ලැබීමත් සමගම සෑම බස්‍ රථයකටම GPS උපකරණයක් සවිකිරීමටද නියමිතව තිබෙනවා.
ආචාර්ය දිමන්ත ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ගූගල් ට්‍රාන්සිට් සේවාව ශ්‍රී ලංකාවේ සක්‍රීය කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුලත් කරමින් සක්‍රීය දායකත්වයක් සපයා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!