Gossip

” ලයිට් නෑ . ඉතින් බාර ගන්න බෑ.” – 21 වැනි සියවසේ කොළඹ මහතැපැල් හලේ සේවකයෙක්ගේ කෙරුවාව මෙන්න

රාජ්‍ය සේවයකයන් හා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ යහපත් ආකල්පයක් නම් නෙවෙයි.

ඒ ඔවුන්ගෙන් වැඩක් කරවා ගැනීමට තියෙන අපහසුතාවය නිසයි.

ඉතින් අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ කතාව සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වූ කතාවක්.

දිනය – 2019 පෙබරවාරි 27
ස්ථානය – කොළඹ මහ තැපැල් කන්තෝරුව
වේලාව – දහවල් 12.10

මම කොළඹ මහ තැපැල්හලට පිවිසියේ අධ්‍යයන පාඨමාලාවක් සඳහා ඉල්ලුම්පත් තැපැල් කිරීමටය. එවිට ශාලාවේ අඳුරක් තිබුණි. විදුලිය ඇණහිට ඇත. මේ පෙබරවාරියේ ය. ලියුමට මුද්දර ගසන තැන සිටින සුරූපී තරුණිය බර කිරා,අඳුර තරමක් පැවතියද මුද්දර ලබාදුන්නාය. මම මුද්දරත් අලවා, රැගෙන ගියේ ලියාපදිංචි තැපැල් ලිපි භාරගන්නා කවුන්ටරයටය…ලිපිය භාර දුන්නද බාර ගන්න බෑ යැයි කීවේය… සෙනගත් නැත.

“ඇයි බැරි..?”
” ලයිට් නෑ. ඉතින් බාර ගන්න බෑ.”
” මෙතන එළිය තියෙනවනෙ. අනික මේකෙ ඇඩ්‍රස් ලියන්න පේනවනෙ හොඳට..”
” නෑ මට පේන්නෑ.. පස්සෙ එන්න….”
“පස්සෙ කොහොමද? අද අන්තිම දවස (බොරුවකි) අනික මම කෑම වෙලාවෙ ආවේ..ආයේ තුනට කලින් එන්න බෑ..
” කරන්න දෙයක් නෑ.. ලයිට් ආවම එන්න”” යනුවෙන් කියමින් නැගිට ගියේ ය.
“ඒ කියන්නෙ තමුන්ට මේක කරන්න බෑ..මම ෆොන් එකේ ලයිට් එක ඇල්ලුවත්..?”
නිහඬය..!

ඔහු යන්නට ගිය අතර මට මළපැන්නේය. තවත් ගැහැනු ළමුන් තිදෙනෙක් පැමිණ ඇසුවේ ඔයාගෙත් ගත්තේ නැද්ද..? අපිටත් යන්න කිව්වා.. අපි ගියොත් ආයෙ මේක තැපැල් කරන්න වෙන්නෑ.. (එයාලගෙ ඇත්තටම අවසන් දවස යම් පාඨමාලාවක)
මුන් මහ කාලකණන්නි අප්පා… කියා මම ස්ථානාධිපතිවරයා සොයා ගියෙමි. ඔහු දිවා ආහාරයට බැහැර ගොස් ය. අනෙක් සියලු කවුන්ටර රාජකාරි කළ අතර මේ කවුන්ටරයේ හිටි පුද්ගලයා කට්ටිය වටකරගෙන අඹකවි කියමින් ෆන් එකේ සිටී..

යකාපිටම නැවත ආ අතර 1950 ට පැමිණිලි කළෙමි. ඉතා හොඳ ප්‍රතිචාර දැක්වූ අතර තවත් විනාඩි 15කින් එය අදාළ ස්ථානාධිපතිට යොමු වූ බව දැන්වුණි. ඉන්පසුව තවත් පැය භාගයකදී නිලධාරියෙක් කතාකර අතර..

“මහත්මයා පොඩි ප්‍රමාද දෝෂයක් ඇතිවෙලා තියෙනව.. දැන් හරි..දැන් යන්න..”
” දැන් යන්න බැහැ මහත්තයො මම කෑම වෙලාවෙ අමාරුවෙන් ආවේ..එයාලා පුලුවන්කම තියෙද්දියි ඇත්තටම බෑ කිව්වේ..
“ඔව්..සමහර විට එහෙම වෙන්න ඇති.නමුත්දැන් හරි..පොඩි අඩුපාඩුවක් වෙලා තිබුණා. දැන් හරි ඒ සියල්ල ලැබුණා…
“මොකක්ද ඒ..”

“ඉටිපන්දම් ඉවර වෙලා තිබුණේ…!”
සහෝදරවරුනි, මේ 21 වැනි සියවසේ කොළඹ මහතැපැල් හලයි…!! මෙන්න යට ඉන්න බුවා තමා බුවා.. වෘත්තිය සමිතිකාරයෙක් වගේ.. දැන් මේ අලකලංචිය නිසා කී දෙනෙක් එදා අසරණ වෙන්න ඇද්ද.. මේක රස්සාවක් නෙවෙයි ⁣සේවයක් කියල මිනිහට අවබෝධයක් නෑ…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!