Gossip

ලංකාව එක්ක සෙල්ලම් කලාට ඒක ක්‍රිකට් තරඟයක් වෙන්නේ නෑ – කවදාවත් ලංකාවටනම් පරදින්නේ නෑ – පිටියෙන් සමුගත් ඩිවිලියර්ස් කෝලිත් එක්ක එකතුවෙලා ලංකාවට දාපු කින්ඩිය

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ.බි ඩීවිලියර්ස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට ඊයේ දිනයේ තීරණය කළා.

තමා ක්‍රීඩාවෙන් මේ වන විට දැඩි වෙහෙසකට පත්ව සිටින අතර කණ්ඩායමේ තමාට ඇති ස්ථානය වෙනත් අයෙකුට හිමිකර දීමට මෙය හොඳම අවස්ථාව බව ද ඩිවිලියස් ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම සමුගැනීමට තීරණය කිරීම ඉතා අසීරු වුව ද මෙය සමුගැනීමට හොඳම කාලය බවත් ප්‍රකාශ කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළ ඩීවිලියර්ස්, එහිදි ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී වැනි ක්‍රීඩකයන් සමග එකම කණ්ඩායමකට ක්‍රීඩා කළා.

මේ අතර ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියට සමගාමීව බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන ඩීවිලියර්ස්, විරාත් කෝලී සහ යුස්වේන්ද්‍ර චහල් සමග ජනප්‍රීය ඉන්දීය සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයන් දෙදෙනෙක් සිදු කළ සංවාදයක් අන්තර්ජාලයේ කතාබහට ලක්ව තිබෙනවා.

මෙහිදි ඉදිරිපත් කරන්නන් විරාත් කෝලීගෙන් “ඔබලා නිතරම ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීම නවතා දැමීමට නොහැකිදැයි” ප්‍රශ්නයක් අසනවා.

වි‍රාත් කෝලී වෙනුවට මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වන ඩීවිලියර්ස් පවසන්නේ ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන විට එය ක්‍රිකට් තරගාවලියක් බවට පත් නොවෙන බවයි. (ඕෆ් සීසන්) ඩීවිලියර්ස්ගේ ප්‍රකාශයට සැවොම උස් හඩින් සිනාසෙන අතර ඉන්පසු විරාත් කෝලීට ඩීවිලියර්ස් පවසන්නේ “ඔබලා කවදාවත් ඔවුන්ට (ශ්‍රී ලංකාවට) පරදින්නෙ නෑ, ඉතින් එය ඕෆ් සීසන් එකක් බවට පත් වෙනවා” යනුවෙනි.

මෙහිදි විශේෂත්වය වන්නේ ඩීවිලියර්ස් සමු ගැනීමේ තරගයකට හෝ ක්‍රීඩා නොකරම අන්තර්ජාතික පිටියෙන් සමු ගැනීමයි. දකුණු අප්‍රීකානු කණ්ඩායමේ මීළග තරගාවලිය යෙදි තිබෙන්නේ එළබෙන ජූලී මාසයේ ශ්‍රී ලංකාව සමග වන අතර ඇතැම් ක්‍රිකට් රසිකයන් මත පළ කර තිබුනේ ශ්‍රී ලංකාව සමග සමුගැනීමේ තරගයකට හෝ ක්‍රීඩා කිරීමට ඩීවිලියර්ස් අකමැති නිසා, සමුගැනීමේ තරගයක් නොමැතිවම ඩීවිලියර්ස් අන්තර්ජාතික පිටියෙන් සමුගත් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!