Gossip

දේශපාලඥයෙක් මහමගදී මිනිස්සුන්ගෙන් ගුටි කයි

නගරාධිපතිවරයෙකු ජනතා ගුටි ප්‍රහාරයකින් පසුව රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ග්‍රීසියේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන තෙසලෝනිකී නගරාධිපතිවරයායි.

75 වැනි වියෙහි පසුවන යිආනිස් බවුඇරිස් නමැති නගරාධිපතිවරයා නගරයේ පැවති උත්සවයකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී එරට ජාතිකත්ව මත දරණ කණ්ඩායම් විසින් නගරාධිපතිවරයාට බිම දමාගෙන පහරදී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම නගරාධිපතිවරයා ග්‍රීසියේ ජාතිකත්ව මත දරණ කණ්ඩායම්වලට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නෙකු ලෙස ප්‍රකටයි.

පළමු වැනි ලෝක යුද්ධයේදී තුර්කීන් විසින් මරා දැමුණු වාර්ගික ග්‍රීක වැසියන් සිහි කැඳවීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී නගරධිපතිවරයා මෙම දරුණු ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වීමෙන් වළකින ලෙස පවසමින් නගරාධිපතිවරයාට මෙම පිරිස් විසින් පහරදී ඇති බවත්, ඇතැම් අය අත්පාවලින් ඔහුට පහරදෙන විට තවත් අය තමා අත වූ ජල බෝතල් නගරාධිපතිවරයා වෙත දමා ගසමින් පහරදී ඇති බවත් වාර්තා වනවා.

නගරාධිපතිවරයාගේ සහායකයන් සහ ආරක්ෂකයන් මෙම පිරිසෙන් නගරාධිපතිවරයා මුදවාගෙන ක්ෂණිකව ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!