Gossip

අවතැන්වූවන් ලක්ෂය ඉක්මවයි – මරණ 11යි – දිස්ත්‍රික්ක 18කට බලපෑම් – මහා වැස්සෙන් සිද්ධ වූ මහ විපත මෙන්න

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක කියා සිටියේ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 60, 70 දක්වා වැඩි විය හැකි අතර මුහුද රළු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 119,840 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, මරණ 11 ක් වාර්තා වනවා.

පීඩාවට පත්වූ ජනතා අවතැන් කඳවුරු 229ක රදවා ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!