Gossip News

ලංකාවේ සියදිවි නසා ගැනීම 70% අඩු කරන්න යන්නේ මෙහෙමයි..

ඉතා අනතුරුදායක පලිබෝධනාශක පිළිබඳ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට සියදිවි නසා ගැනීම් සියයට 70කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ ක්‍රියාමාර්ග තුළින් පසුගිය දස වසරක කාලය තුළ පමණක් මෙරට ජීවිත 93,000ක් බේරාගෙන ඇති බවයි.

අදට යෙදී ඇති ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබේනවා.

සැම වසරකම ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 8ක් පමණ සියදිවි නසාගැනීම් හේතුවෙන් මිය යන අතර ගෝලීය වශයෙන් සියදිවි නසා ගැනීම්වලින් සියයට 79ක්ම සිදුවන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල්වල බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

සියදිවි නසා ගැනීම් සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ පලිබෝධනාශක බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2020 වසර වන විට සියදිවිනසා ගැනිමේ අනුපාතය සියයට 10කින් අඩු කිරීම සිය සැලසුම බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!