Gossip News

“අපිට ඕන තරම් ක්‍රීඩකයො ඉන්නවා. සංචාරය ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් සහභාගි කරවනවා” ඈෂ්ලි ද සිල්වා

එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අකමැත්ත පළ කර තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගි නොවූවහොත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිවනු ඇති බව වාර්තා වන අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නායකත්වය දසුන් ශානකට ලබාදීමට තීරණය ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තරග සංචාරය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ ප්‍රධාන ක්‍රීඩකයන් සංචාරයට සහභාගි නොවේ නම් වෙනත් ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කළ හැකි බවයි.එසේම
“අපිට ඕන තරම් ක්‍රීඩකයො ඉන්නවා. සංචාරය ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් සහභාගි කරවනවා” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!