Gossip

ලංකාවේ අපේ නෙට්බෝල් ටීම් එක ආසියාවම හොල්ලයි – සිංගප්පූරුව පරදා 2018 ආසියානු දැල් පන්දු ශූරතාව ලබාගත් හැටි මෙන්න

2018 ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ අද (08) පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සහභාගී වූ තරඟ සියල්ල ජය ගනිමින් අපරාජිත කණ්ඩායම ලෙස ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම විශේෂත්වයක්.

ජයග්‍රහණය කරන හොඳම කණ්ඩායම් දෙක සඳහා 2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි රටවල් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 2019 නෙට්බෝල් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථවද හිමිවුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!