Gossip

ලංකාවට ඇවිත් සම්බාහන මධ්‍යස්ථානයට ගිය ජර්මන් ජාතික තරුණියට අතවර කරන්න හදලා

ඉඳුරුව යාලේගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයකදී විසිඑක්‌ හැවිරිදි ජර්මන් ජාතික තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සම්බාහන මධ්‍යස්‌ථානයේ තෙරපිකරු සහ කළමනාකරු කොළඹ සංචාරක පොලිස්‌ කොට්‌ඨාසය මගින් පසුගිය 01දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අලුත්ගම කළුවාමෝදර සහ බෙන්තොට වඩුමුල්ලේ පදිංචිකරුවන් දෙදෙනක්.

විසිඑක්‌ හැවිරිදි මෙම ජර්මානු ජාතික තරුණිය මෙම සම්බාහන මධ්‍යස්‌ථානය වෙත පැමිණ ඇති අතර එහිදී තමන්ට අතවර කරනු ලැබූ බවට ඇය විසින් කොළඹ පොලිස්‌ සංචාරක කොට්‌ඨාසය වෙත පැමිණිලි කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ තෙරපිකරු සහ සම්බාහන මධ්‍යස්‌ථානයේ කළමනාකරු 01දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබූ අතර වැඩිදුර පරීක්‌ෂණ සඳහා සැකකරුවන් කොස්‌ගොඩ පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!