Gossip

රූපයේ ලස්සන තාවකාලික බව වටහා දෙන්න හිමිනමකගේ දේහයක් වීදුරු පෙට්ටියක – ඡායාරූප සහිතයි

උපතේ සිට මරණය දක්වාම ලෝකේ හැම මනුස්සයෙක්ම වගේම බලන්නේ ලස්සනට ඉන්නනේ… භාහිර රූපය අලංකාරවත් කර ගැනීම සඳහා මිනිස්සු කොච්චරනම් මුදල් වියදම් කරනවාද?

ඒ වියදම් කරන මුදල්වලින් හරි අඩක්වත් පිනට දහමට යොදවනවාද කියලනම් සැකයි. මොකද එච්චරට තමන්ගේ රූපය වෙනුවෙන් මහන්සි වෙන කට්ටියක් දැන් ලෝකේ දකින්න ලැබෙන්නේ.

ලෞකික ජීවිතයේ අපි ඒ රූපය වෙනුවෙන් කරන ලස්සන ටික කාලයක් වෙන්න පුළුවන්. ඒත් හැමෝම බලන්නේ ඒ ටික කාලේ හරි ලස්සනට ඉන්න.

බුදුදහමේ නිතරම අපට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි අනිත්‍ය කියලා කියන්නේ. කවුරුහරි මියගියත් කියන්නේ ජීවිතය අනිත්‍යයි කියලානේ.

ඒ කියන්නේ අපි මේ මෙච්චර වියදම් කරලා හදාගන්න රූපය වුනත් අනිත්‍යයි.

ඉතින් මේ රූපයේ ඇති අනිත්‍යය බව මිනිස්සුන්ට වටහලා දෙන්න පුත්තලම රබාවැව මහකන්ද ආරණ්‍යයේ වැඩ වාසය කළ ලොකු හාමුදුරුවෝ පවසා ඇත්තේ තමන් මියගිය පසු දේහය දිරා යන ආකාරය දර්ශනය වන සේ වීදුරු පෙට්ටියක් තුළ රඳවා තබන ලෙසයි.

ඉතින් අපවත් වූ ලොකු හාමුදුරුවන්ගේ දේහය සහිත විදුරු පෙට්ටිය මාස 06ක් ගතවී දැන් තිබෙන ආකාරය ගැන දැක්වෙන ඡායාරූප පෙළක් අපට සමාජජාල මාධ්‍යයන්තුලින් දැකගන්නට ලැබුණා.

මේ අප කවුරුත් තේරුම් නොගත් ජීවිතයේ සැබෑ අනිත්‍යයි.

ඡායාරූප අන්තර්ජාලයෙන්…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!