Gossip

රුවන්ගි දෙවන වතාවටත් මගේ පෙම්වතිය වුණා – මම සීයයට සියක්ම නිවැරදි නොවෙන්න පුළුවන් – රංජන් රාමනායක

පාර්ලිමන්ට් ජෝක්, වන්ෂොට්, ලීඩර් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාවේ වත්මන් සුපිරි නළුවා වන රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ සිව්වැනි සිනමා නිර්මාණය වන ඩොක්ටර් නවරියන් මේ දින වල දිවයින පුරා ඇති සිනමාහල් වලදී තිරගත කෙරෙනවා. රන්ජන් මෙහි ඩොක්ටර් නවරියන් ලෙස රංගනයෙන් ද දායක වනවා. ඔහු නවරියන් වු හැටි ගැන පුවත්පතක් සමග කියා තිබුණේ මෙලෙසින්.

රන්ජා කියන්නද? නවරියන් කියන්නද? ඇමතිතුමා කියන්නද?
මේදින වල නම් වැඩි දෙනා කතා කරනනේ ඩොක්ටර් නවරියන් කියලයි.

ඉතින් ඩොක්ටර් නවරියන්?
ඇත්තටම නවරියන් කියන්නේ මානුෂීය ගතිගුණ තියෙන හිත හොඳ දොස්තර මහත්තයෙක්. වකුගඩු කපා හොර බිස්නස් නොකරන ලෙඩ්ඩු මළත් වැඩ වර්ජන කරන ජාතියේ චරිතයක් නොවෙයි. ඩොක්ටර් නවරියන් රෝගියෙකුට බෙහෙතක් දුන්නොත් ඉතිං දුන්නාම තමයි වන්ෂොට් ලෙඩාට සුවයි.

ඇයි මේ වගේ චිත්‍රපටයක් කරන්න හිතුවෙ?
මගේ මෙතෙක් කළ චිත්‍රපට වලදී මම කළේ කාලීන මාතෘකාවක් තේමා කරගෙන චිත්‍රපටයක් කිරීමයි. දොස්තර මාෆියාව වගේම පුද්ගලික විද්‍යා අංශය ගැනත් පසුගිය කාලය පුරාම කතා වුණා. ඒත් අසරණ රෝගීන් ගැන එයාලට වන අසාධාරණය ගැන කතා කළොත් හොඳයි කියලා මම විශ්වාස කළා. ඒකයි ඩොක්ටර් නවරියන් කළේ.

මේ චිත්‍රපටයත් නැඟලා යාවිද?
අනේ ඉතින් අපේ ජනතාව දේශපාලනයේදී වේවා, සිනමාවේදි වේවා මා කෙරෙහි විශ්වාසය තබා මාව හැමදාම කරේ තියාගෙන ගියා. ඉතින් මේ චිත්‍රපටයත් එහෙම වේවි කියලා හිතනවා.

මේ චිත්‍රපටය කරද්දී මුහුණ දුන් අයුරු සිදුවීම් එහෙම තියෙනවද?
මතකයන් නම් හරිම සුන්දරයි. නවරියන් නවකවදයට මුහුණ දෙන අවස්ථාවක් රූගත කරන්න යොදා ගෙන තිබුනා. නවරියන් පළමු වසරේ වෛද්‍ය සිසුවෙක්. හොර පාරෙන් ආව. හතර වැනි වසරේ ශිෂ්‍යයෙක් පළමු වසරේ අයට රැග් එක දෙන්න සූදානම් වුණා. අද උඹලා යට ඇඳුම පිටින් ඩාන්ස් කරන්න ඕනෑ කියලා හතර වසරේ සිසුවෙක් කීවාම එහෙම බැහැ උඹලා ඉස්සෙල්ලා කරපල්ලා. කියලා නවරියන් සැරෙන් කියනවා. නවරියන්ට බය වෙන පිරිස ඒ පාර එය කරන්න සූදානම් වුණා. මේ පිරිසේ සිටි එක් නළුවකු යට ඇඳුම් ඇඳලා සිටියෙ නැහැ. හැබැයි අපි ඒ වග දැනගෙන සිටියෙත් නැහැ. මම හිතාමතාම නටද්දී එයාගෙ පැත්තට වැටුණා. එයාගෙ ඇඳ සිටි ඇඳුම ගැළවුණා. වස විලිලැජ්ජාව ඒත් කරන්න දෙයක් නැහැ. ඔක්කෝම රූගත කිරීම් නවතා හිනාවෙන්න පටන් ගත්තා. කොහොමින් කොහොම හරි ආයෙත් ඒ දර්ශන රූගත කරන්න සිදුවුණා. හැබැයි අදටත් ඒ නළුවා දන්නේ නෑ මම ඇත්තටම වැටුණ නිසා තමයි එයාගෙ ඇඳුම ගැලවුණේ කියලා. අදටත් එයා හිතාගෙන ඉන්නේ. ඒක අහම්බයකින් වුණා කියලයි. මේ විදියෙ සුන්දර මතකයක් බොහෝමයි. නළු නිළියන් මෙහිදී මට ලබාදුන්න දායකත්වය ඉතා ඉහළයි. ඒ ගැන කියන්නම ඕනෑ. මෙහිදී කැමරාකරණය, සංස්කරණය, කාර්මික ශිල්පීන් ඇතුළු තේ හදපු කෙනාගේ සිට ඔක්කොමලා දැක් වූ දායකත්වය ගැන වූ සුන්දර මතකය සැමදා මා සතුව තියේවි.

රුවන්ගි දෙවන වතාවටත් පෙම්වතිය කියලා කියන්නේ?
ඔව්. ඇය මීට පෙරත් මගේ පෙම්වතිය ලෙස චරිතයක් රඟපෑවා. මේ දෙවැනි අවස්ථාවයි. මෙහි ඇය රඟපාන්නේ දොස්තර නෝනා කෙනෙකුගේ චරිතයක්.

කොස්තා පිළිබඳ මතකය මොනවගේද?
විමල් කුමාර ද කොස්තා මෙහි රඟපානේනේ රෝහල් පිරිසිදු කරන්නෙකුගේ චරිතයක්. එයා මුහුණේ ඉරියව් වලින් හරි අපූරුවට ඒ චරිතය කළා. මෙම චිත්‍රපටියේ මංගල දර්ශනය ද බොහෝ දෙනෙක් මට කිව්වේ. කොස්තා සහ මා කල එක් ජවනිකාවක් දැකලා ඇස් වලට කඳුළු ආවා කියලයි. ඒ අවස්ථාව මට අද වගේ මතකයි. මේ චිත්‍රපටයේ ඔහු රඟපෑවෙ සුමනසිරි කියන චරිතය. එයා රෝහල පිරිසිදු කරමින් සිටියදී, එයා පිරිසිදු කළ විගස දොස්තරලා ඇතුළු අනෙකුත් සේවක පිරිස එතැනින් යනවා. ඉතින් සුමනසිරි කොච්චර පිරිසිදු කළත් වැඩැක් නැහැ. මං මේක සුද්ද කළා. විතරයි කිසිම වගක් නෑ. මේක කළාට කියලා සුමනසිරි කියනවා. ඩොක්ටර් නවරියනුත් ඇවිද ගෙන ඇවිත් ඔයාගේ නම මොකක්ද කියලා අහනවා. සුමනසිරි කියලා කොස්තා කිව්වා මම මේ ආවේ පිරිසිදු කළාට. මාමාට ස්තූති කරන්න කියලා මම එයාව බදා ගත්තා. මාව අඬවන්න ද හදන්නේ කියලා සුමනසිරි එවිට අහනවා ඇත්තටම ඒ දර්ශනය නරඹද්දී මගේ ඇස් වලටත් කඳුළු ආවා.

ඔබ මේ විදියට රෝහල් ක්ෂේත්‍රය ගැන ඔබගේ නිර්මාණයෙන් විවේචනය කළා. කවදා හරි ඔබටත් රෝහලකට යන්න වුණොත් කියලා චිත්‍රපටය කරද්දි හිතුණේ නැද්ද?
මම මෙහිදී විවේචනය කරන්නේ සියලූම දොස්තරවරු ගැන නෙවෙයි. අත් දෙක උස්සලා වඳින්න පුළුවන් තරමේ දෙව්වරු වගේ දොස්තරවරු අපට සිටිනවා. ඒත් ඕනෑම ක්ෂේත්‍රයක වගේ මේ ක්ෂේත්‍රයේදීත් රෝගීන් මළත් ස්ට්‍රයික් කරන අයත් සිටිනවා. ඒක හරි වැරදි දෙයක්. පෝලියෝ එන්නත සොයා ගත් බටහිර වෛද්‍යවරයාට ඕනෑ නම් ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ගන්න තිබුණා. ඒත් ඔහු එය ගත්තේ නැහැ. අහිංසක ජනතාව වෙනුවෙන් කළ දේට හිමිකම සඳහා සල්ලි ගන්න බැහැ කිව්වා. ඒ නිසා එයාට අහිමි වූ මුදල ඩොලර් බිලියන හතක් විතර වුණා. ඒ වගේ උතුම් මිනිසුන් සිටින ලෝකයක මේ රටේ සමහර දොස්තරලා උදේට ස්ට්‍රයික් (උද්ඝෝෂණ සහ වර්ජන හවසට පුද්ගලික චැනල් සේවාවෙ. අර ඔක්කොම කරන්න බොරු පෙනීසිටීම් වලට ජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් දොස්තරලා වූ අය ඒ මිනිසුන්ටම එරෙහි වීම හොඳ දෙයක් නොවෙයි.

රන්ජන්ගෙ මෙහි පෙම්වතිය දොස්තර නෝනා කෙනෙක්. හැබෑවට දොස්තර නෝනා කෙනෙක් විවාහ කර ගත්තොත් හොඳ නැද්ද?
අද මට ඒක කොහොමටවත් කරන්න බැහැ. නඩු පිට නඩුනෙ. ලැබිලා තියෙන එන්තරවාසි එක්ක ඔක්කෝම නඩු 21 ක් විතර පෙළ ගැසිලා. ඒ වගේ දේ එක්ක මම කොහොමද බැඳීම් එක්ක ගමනක් යන්නේ. ඕසෝ දහමට අනුව වගේ, අපි මේ ජීවිතයේ සංචාරකයෙකි. පෘතුවියට ආ ඒ සංචාරයේදී සියල්ල රැස් කිරීමේ සියලූ බැඳීම් ඇති කර ගැනීමේ ආසාව මට නැහැ. මම සීයයට සියක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. ඒත් මම ජීවත් වෙන්නේ සතුටින්. හරි දේ ජනපතිට අගමැතිට හරි මූණටම කියන කෙනෙක්. අම්මා තාත්තා කවුරුවත් මට අද නැහැ. බැඳීම් ඇත්තෙම නැහැ. සෘජුව අදහස් ප්‍රකාශ කරමින් සතුටින් ජීවත් වනවා. අඹුදරුවන් කිසිවක් මට අවශ්‍ය නැහැ. සමාජයට කළ හොඳ දේ ඉදිරියටත් කරනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!