Gossip

ගෑණු ළමයි කී දෙනෙක් මට බූට් තියලා තියනවාද? ඒ ගැන මට තියෙන්නේ කලකිරීමක් – නාමල් රාජපක්ෂ

රගර් ක්‍රීඩකයෙක් වශයෙන් මොහුව හදුන්වනවාට වඩා දේශපාලඥයෙක් කිව්වොත් නිවැරැදියි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි. නාමල් සිය විවාහය ගැනත් දේශපාලනය ගැනත් කියා තිබුණේ මෙලෙසින්.

ඔබ පවුලේ වැඩිමලා. කුඩා කාලයේදී සීයා ,පියා දේශපාලනයේ යෙදෙනවා අත්දැකලා තියෙනවා. ඒ නිසාද ඔබටත් දේශපාලනයට එන්න හිතුණේ?
නෑ ඒ කාලේ එහෙම දෙයක් හිතුණේ නෑ. හැබැයි ඉතින් අපි දේශපාලන පසුබිමක තමයි ඉපදුණේ. ඉදිහි දේශපාලනය කළ යුත්තේ කවුද , මොන කාලේදීද කියලා තේරුමක් තිබුණේ නැහැ. උසස්පෙළින් පස්සේ තමයි දේශපාලනයට කැමැත්තක් ඇති වුණේ. ඒ කැමැත්ත නිසා දේශපාලනයට සම්බන්ධ වුණා.

ඉස්කෝලේ යන කාලෙ තාත්තා මන්ත්‍රීවරයෙක්. තේරෙන කාලේ අගමැති, පස්සේ ජනපති වූණා. ඒ දේශපාලන පසුබිම නිසා පාසලේදී ළමයිගේ පිළිගැනීම කොයි විදියටද ලැබුණේ?
ඉස්කෝලේ මම ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙක් හැටියට. අවුරුදු16 ඉඳන් 19 න් පහළ කණ්ඩායම්වල සෙල්ලම් කළා. 16න් පහළ සිට ජාතික කණ්ඩායම්වල සෙල්ලම් කළා. ඉතින් ඒකත් එක්ක දේශපාලඥයෙක්ගේ ළමයෙක්ට වඩා රගර් ක්‍රීඩකයෙක් විදියට තමයි මාව හඳුනාගත්තේ. උසස්පෙළ අවසන්වන තෙක් එවැනි වාතාවරණයක් තමයි තිබුණේ.දේශපාලඥයෙක්ගේ පුතෙක් කියන ලොකු දැනුමක් සමාජය තුළ තිබුණේ නැහැ. රගර් ගහන ළමයි සහ පාසලේ ක්‍රීඩකයින් අතර තමයි මම ප්‍රසිද්ධ වෙලා හිටියේ.

දේශපාලනයට එද්දි යම් යම් ගැටළු ඇතිවනවා. ඔබත් දකින්න ඇති මව, පියා ඒ ප්‍රශ්නවලට මුහුණදෙනවා. එවැනි කටුක අත්දැකීම්වලට මුහුණ දෙද්දි ඔබට දේශපාලනය ගැන කලකිරුණේ නැද්ද?
දේශපාලනය පිළිබඳ කළකිරීමක් ඇති වුණේ නැහැ. දේශපාලනය කරනවනම් අපි ඒ දේවල්වලට පුරුදු වෙන්න ඕනේ. හැබැයි එක පැත්තකින් කළකිරීමක් තියෙනවා. වර්තමාන දේශපාලනයේ මඩගැසීම ,චරිත ඝාතනය හා අවස්ථාවාදී පිල් මාරුව නිසා. එවගේම අනාගතයේදී තරුණයන්ගේ දේශපාලනයට තිබෙන ප්‍රවේශය අඩුවක් ඇතිවෙයි. එවගේම කියන්න ඕනේ අද පරපුර දකින්නේ දේශපාලඥයින් හොරුන් කියලා. මේ නායකගෙන් මට අවශ්‍ය දේ ලැබෙන්නේ නෑ කියලා තවත් නායකයෙක් ළඟට යනවා. ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනය කරනවා දකින්නේ නෑ. සුළුතරයක් සිටිනවා. තවත් පැත්තකින් දේශපාලඥයා විසින්ම තමන්ට ‘හොරා‘ කියා ගන්නා ප්‍රවණතාවක් තිබෙනවා. තමන් තව දේශපාලඥයෙකුට හොරෙක් කියලා ඇඟිල්ල දික් කරන්නේ තමනුත් ඒ දේශපාලනයේ කොටස්කාරයෙක් කියලා අමතක කරලනේ. මෙයින් සම්පූර්ණයෙන්ම දේශපාලඥයාගේ ප්‍රතිරූපය කඩා වැටෙනවා.

ඔබට දේශපාලනය ඕපපාතිකයක් නොවෙයි. නමුත් ඔබට දේශපාලන පවුල් පසුබිමක් නොතිබුණානම් කුමන ක්ෂේත්‍රයකට සම්බන්ධවෙයිද?
අනිවාර්යෙන් මම නීතිඥ ක්ෂේත්‍රයේ සහ රගර් ක්‍රීඩාවේ නිරතවෙයි. අවුරුදු 28දී රගර් ක්‍රීඩාවෙන් ඉවත් වුණෙත් දේශපාලනය නිසා. නැත්නම් 30-33ක් විතර රගර් ක්‍රීඩාවේ යෙදෙන්න අවස්ථාව තිබුණා. දේශපාලනය නොකළා නම් නීතිඥ ක්ෂේත්‍රයේ සහ රගර් ක්‍රීඩාවෙන් තමා ඉදිරියට යන්නේ.

ඡන්දය කට ළඟ තියෙද්දි ඔබ ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන ගීතවල බලාපොරොත්තුව මොකද්ද?
මීට මාස කිහිපයකට පෙර අපි ඒක පටන් ගත්තේ . දැනටත් ගීත කිහිපයක් එළියට ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව සහ දේශපාලනය නිසා සිදුවන අසාධාරණකම් නිසා තමන්ගේ අදහස් කියා ගන්න බැරුව පිරිසක් මේ රටේ සිටිනවා. සංගීතය, කලාව මෙයට භාවිතා කරන්න පුළුවන්. එවැනි නිර්මාණ තුළින් තමන්ට වෙන අසාධාරණය ​සමාජයට එළි දැක්වීම තමයි අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ.

බලය තියෙන කාලේ හිටිය අය තාමත් ළඟ තාම ඉන්නවාද?
බලය තියෙන කාලේ හිටිය බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් සමාජයේ , මාධ්‍යයේ කැපී පෙනුණ අය නෑ.

එළඹෙන මැතිවරණයට කොහොමද සූදානම?
මේ දිනවල නාමයෝජනා සුදානම් කරමින් යනවා. විශාල ප්‍රමාණයෙන් නාමයෝජනා ඉල්ලීම් තිබෙනවා. හැම ගමකින්ම, හැම කොට්ඨාශයෙන්ම අවමය පස්දෙනෙක්ට වඩා ඉල්ලුම් පත්‍ර දාලා තියෙනවා. මෙහිදි විශේෂ කාරණාවක් නම් තරුණ, තරුණියන්ගේ ඉල්ලීම් වැඩිවෙලා.කාන්තාවන් බහුතරයකගෙන් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා දේශපාලනයෙන් ඉදිරියට යන්න.මැතිවරණට ජයග්‍රහණය කිරීමට මෙහෙයුම් කටයුතු හමුබන්තොට දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කරනවා.

සෙල්ලම් කරන එක අතෑරලද?
ඉස්සර වගේ සෙල්ලම් කරන්නේ නැහැ. විනෝදෙට යාළුවෝ එක්ක, මල්ලිලා එක්ක සෙල්ලම් කරනවා. මල්ලිලාගේ ක්‍රීඩා කටයුතුවලට උදවු කරනවා. ඕනෑම ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කිරීමට ඕනෑම වෙලාවක මම උදවු කරනවා.

ගෑණු ළමයි කීදෙනෙකු කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවාද ? තාත්තා ජනාධිපති නිසා ඒ ආදරේ කියාගන්න බැරි වෙලා තියෙනවාද?
ගෑණු ළමයි කී දෙනෙක් මට බූට් තියලා තියනවාද…. යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒත් විශේෂ යා‍ළුවෙක් නෑ.

මල්ලිලාට ඉක්මනට විවාහ වෙන්න ඕනේ නිසා නාමල්ට ඉක්මනට විවාහ වෙන්න කියලා ඒ අය කියන්නේ නැද්ද?
මල්ලිලගේ විවාහයත් පරක්කු වෙනවා මම හින්දා. මගේ දේශපාලන කටයුතු හා අනෙකු වැඩ කටයුතු නිසා තාම වෙලාව කළමනාකරණය කර ගන්න බැරි වුණා. හැබැයි අනිවාර්යෙන් ඊළඟ වසර දෙක, තුන කාලය අතරතුර විවාහ වෙනවා.

පෙර පාසල් ගියේ අම්මාගේ පෙරපාසලට නේද?
මොන්ටිසෝරි ගියේ කාල්ටන් තංගල්ලේ. ඒ කාලේ 80 ගණන් වල රටේ විශාල ප්‍රශ්ණ තිබුණා. දැනුණේ නැහැ පොඩි හින්දා. මතකත් නෑ.ඒ කාලේ හරි විනෝදයි. සාමාන්‍යයෙන් පෙර පාසල කාලේ තමයි ළමයෙක් ගොඩනැඟෙන්නේ. ඒ කාලේ අම්මගේ පෙර පාසලෙන් අධ්‍යාපනය ලැබුවා.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!