Gossip

රැල්ලක් කළ වෙනසක්.. කවුද කියන්නේ මේ පාර වෙසක් නෑ කියලා.. මේ පාර තමයි මුළු රටටම වෙසක් – Photos

මොනදේ වුණත් මේ පාර වෙසක් උත්සවය සමරන එක අත අරින්න කවුරැත් සූදානම් නැහැ.
පෙරටත් වඩා මේ පාර වෙසක් උත්සවය ඉහළින්ම සමරන්න සිංහල බෞද්ධ හැම ‌කෙනෙක්ම සෑහෙන්න උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කරනවා.
මේක දැන් අලුත්ම රැල්ලක් වෙලා. හැබැයි මේ රැල්ල බුදු තෙමගුල රැකගන්න ආපු රැල්ලක්. හැම ගමකම නගරෙකම හැම තැනක්ම මේ වෙන‌කාට බෞද්ධ කොඩි වලින් සරසලා තියෙන්නේ . ලොකු පොඩි කියලා නැහැ හැම කෙනෙක්ම මේ පාර වෙසක් කූඩු බෞද්ධ කොඩිවලින් තමන්ගේ නිවස ගම නගරය සරසන්න උත්සුක වෙලා තියෙනවා.
පසුගිය දා සිදුවුණු සිදුවීම් මාලාවත් සමග සිංහල බෞද්ධයන්ගේ හිතේ තියන තමන්ගේ කම කොච්චරක් ද යන්න මේ වෙසක් උත්සවය සමරන්න සියලු දෙනාම එක්ව කටයුතු කරන ආකාරයෙන් මනාවට පැහැදිලි වෙනවා.
තරුණ පරපුර අර්ථාන්විතව අපේ දේ සහ අපේකම රැකගන්න රැල්ලක් ඇතිකිරීම සහ මුළු රටම ඒ රැල්ලට අල්ලා ගැනිම ඇත්තෙන්ම අගය කළ යුතු කරැණක්.
අන්තවාදීන් අපේ තෙමගුල සමරන්න ඉඩතියන්නේ නැතිබව පැවසුවත් සිංහල බෞද්ධයෝ ලේසියෙන් පරාද කළ නොහැකි අයවලුන් බව මුලු ලෝකයටම පෙන්වා හමාරයි.
අවුරුදු ගණනක ඉදන් පැවත එන අපේ දේ නැතිවෙන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නේ නැහැ. ඔබත් තවම මේ රැල්ලට එකතු වෙලා නැත්ද?
පසුගිය කාල වකවානු වල වගේ වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන වැඩසටහන් මේ පාර පවත්වන්න බැරිවුණත් හැම සිංහල බෞද්ධයකුටම පුළුවන් තමන්ගේ නිවස සරසන්න .
ගමේ අය එකතුවෙලා ගම සරසන්න. නග‌රේ අය එකතු වෙලා තමන්ගේ නගරය සරසන්න. එවිට මුළු රටම බුදු තෙමගුල වෙනුවෙන් ඒකාලෝක වේවි. ‌

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!