මුස්ලිම් පල්ලි ආශ්රිතව සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාද්ය හමුවකදීයි.
ආරක්ෂක අංශ සීමාව ඉක්මවා වැඩ නොකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන කියන මතයේ ඉන්නවා.ඊට පස්සේ වුණේ මොකද්ද?මුස්ලිම් කියන නම තියන හැම මිනිහවම ත්රස්තවාදියෙක් ලෙස බලන්න ගත්තා.ආරක්ෂක අංශ වලටත් අපි කියනවා.හැම එකකම සීමාවක් තියනවා.සීමාව පැනගෙන යන්ඩ එපා.එකම පල්ලියේ කඩනවා කුරාණේ විසිකරනවා බූට්ස් වලින් යනවා.කරුණාකරලා ආගම කියන තැනට බල්ලව ගෙන යන්න එපා.බල්ලව ගෙනිහින් චෙක් කරන්නඩ ඕන නම් එක අපිට කියන්නඩ අපි වාතාවරණය හදලා දෙන්නම්.ඒ නිසා හැමදේම හරි විදියට වෙන්ඩ ඕන. අපේ ගෙවල් වල දරු පවුල් රැකගන්න අපි අනිවාර්යයෙන් කඩුවක් තියන් ඉන්නනවා කියන එක ඇත්ත.