Gossip

රම්බෝ පිහියක් අරන් සෙවනගල හිමිනමකට පහරදෙන්න හදපු කතට අත්වුණු ඉරණම

තණමල්විල සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ වලවේගම රාජ මහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට රම්බෝ වර්ගයේ පිහියකින් ඇණීමට උත්සාහ කල කාන්තාවක් ගම්වාසීන් විසින් අල්ලා සෙවනගල පොලිසියට භාර දී තිබෙනවා.
පොලිසිය විසින් ඉකුත් දහ අට වනදා මෙම සැකකාර කාන්තාවගේ සැමියා නීති විරෝධී මත්පැන් මිලිලීටර් දෙදහසක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
එම වැටලීම සදහා පොලිසියට මෙම විහාරස්ථානයේ අදාල ස්වාමීන් වහන්සේ තොරතුර ලබා දුන් බව පවසමින් මෙම පහරදීම සිදු කිරීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හතලිස් එකක තැනැත්තියක් වන අතර ඇය රම්බෝ වර්ගයේ පිහියත් රැගෙන විහාරස්ථානයටම ගොස් ස්වාමීන් වහන්සේට අනින්න්නට තැත් කර ඇති බව පොලිසිය පවසනවා.
සැකකාර කාන්තාව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙවනගල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!