Gossip

රනිල් විසි වුණොත් ඊලඟට අගමැති වෙන්නේ මේ අයගෙන් කෙනෙක්?

කිසියම් හේතුවකින් විශ්වාසභංගය ජයගෙන රනිල් වික්‍රමසිංහ මහතා පරාජයවුවහොත් ඒ මොහොතේම ඔහුට අගමැතිධූරය අහිමිවන තත්ත්වයක් තුළ ඔහු වෙනුවට පත් කළයුතු අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය කියා සිටින්නේ අගමැති ධූරය හිමිවිය යුත්තේ එජාපයට බවයි.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංගයකින් තමා කිසිවිටකත් අගමැතිධූරය ලබා නොගන්නා බව පවසා තිබිණි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන ප්‍රබල අමාත්‍යවරයකුගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ අගමැතිධූරය එක්සත් ජාතික පක්ෂය විසින් නම්කරනු ලබන අයකුට ලබාදිය යුතු බවයි.

පසුගියදා පැවති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අමාත්‍ය කාර්යාලය පිහිටි සුවසිරිපායේ දී එක්සත් ජාතික පෙරමුණේ මැතිඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සහභාගිවූ විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරුවී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත්වුවහොත් අගමැතිවරයා ලෙස පත්කර ගතයුතුවන්නේ කවුරුන්ද යන්න එහිදී ද මතුවූ අතර එහිදී අමාත්‍යවරයකු ඒ සඳහා රාජිත සේනාරත්න හා චම්පික රණවක යන අමාත්‍යවරු දෙදෙනාගෙන් කෙනෙකු සුදුසු බව පවසා තිබෙනවා.

එහිදී තවත් මන්ත්‍රීවරයකු පවසා ඇත්තේ තමාටද ඒ සඳහා සුදුසුකම් ඇති බවයි.

කෙසේවුවද, සජිත් ප්‍රේමදාස මහතා අගමැතිධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වය හේතුවෙන් කථානායක කරෑ ජයසූරිය හා නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම් ද ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!