Gossip

ජාතික ආණ්ඩුව දෙදරයි – හෙට කැබිනට් සංශෝධනයකුත්?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නොයෙක් අදහස් පළ කරමින් සිටියි.

කෙසේ හෝ අගමැතිවරයා මෙම විශ්වාසභංග යෝජනාවෙන් පරාජය කිරීමට හෝ දිනවීමට නොලැබුණහොත් ජාතික ආණ්ඩුවේ අවසානය ඉන් සනිටුහන් වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙයි.

ඒ අනුව විවාදය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් ස්ථාවරය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී විවිධ මත පළ කළේය.

රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අද(04) පෙරවරුවේ පැවසා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංගයට ඡන්දය ලබා නොදීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් එහිදී නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා අද දෙරණ සමඟ කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ මෙතෙක් පක්ෂයේ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

විශ්වාසභංගය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී අද පෙරවරුවේ පැවැත් විණි.

එම සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 25 කට වැඩි පිරිසක් සහභාගී වූ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂය ඡන්දය භාවිත කිරීමට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කල බව ඔහු සඳහන් කළේය.

මෙලෙස ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අගමැතිවරයාට එරෙහි වීම තුළ ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වා ගැනීම පිළිබඳව දේශපාලන වේදිකාවේ විවිධ මත පළ වෙමින් පවතියි.

එලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සහය පළ කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් බිහිවීමේ වැඩි ඉඩ කඩක් පවතියි.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පත්වනු ඇත.

එහිදි නව විපක්ෂ නායකවරයෙකු පත් කර ගත යුතු අතර එය බහුතර විපක්ෂය නියෝජනය කරන පිරිසගෙන් එය පත් කර ගත යුතු වෙයි.

මේ අතර නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද(04) සවස මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

හෙට කැබිනට් සංශෝධනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර පවතින්නේ එකඟතායක් නොව ඇත්තේ බෙදීමක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

අද කැබිනට් ඇමතිවරුන් බහුතරයක් හෙට දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වෙන බව ද ඔහු අද දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට හා අගමැතිවරයා විවේචනය කරපු පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!