Gossip

රටේ සිදුවන අපරාධ ගැන රූපවාහිනී වැඩසටහන් කරපු නිවේදකයා දෑවැද්දක් නිසා බිරිඳව ඝාතනය කරයි

සිය බිරිඳව ඝාතනය කිරීම නිසා ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙක්ට දීර්ඝ නඩු විභාගයකින් පසු අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ඝාතනය සිදුව ඇත්තේ වසර 17කට පෙර බවයි වාර්තා වන්නේ.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නවුරයි.

Suhaib Ilyasi නම් නිවේදකයා හට සිර දඬුවමට අමතරව ඉන්දීය රුපියල් ලක්ෂ 2 ක දඩයක් ද පනවා තිබෙනවා.

එමෙන්ම මියගිය බිරිඳගේ පවුලේ සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් ගෙවන ලෙසට ද නියෝග කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

කෙසෙවෙතත් මෙම සැකකරු තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳව ඝාතනය කර තිබෙනවා.

මීට පෙර සැකකාර නිවේදකයාට එරෙහිව මෙම ඝාතනනයට එරෙහිව පනවා තිබු දඩුවම් ප්‍රමාණවත් නොවන බවට බිරිඳගේ මව සහ සහෝදරිය දිල්ලි නුවර ඉහළ අධිකරණයක අභියාචනයක් ද ගොනුකර තිබෙනවා.

ඒ අනුව නඩුව යළි විභාගයට ගැනීමෙන් අනතුරුවයි ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇත්තේ.

මෙම ඝාතනය සිදුව ඇත්තේ 2000 වර්ෂයේ ජනවාරි 11 වනදායි.

දෑවැද්ද සම්බන්ධ ආරවුලක් හේතුවෙන් සැකකරු මෙම ඝාතනය සිදුකළ බවට බිරිඳගේ ඥාතීන් චෝදනා කර තිබුණා.

සැකකාර නිවේදකයා අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාවේ විකාශය වූ ඉතා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටි අයෙක් බව ද සඳහන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!