Gossip

පුංචි කාලේ ඉඳලම ආදරෙන් හදාගත්තු බලු සුරතලුන් දෙදෙනා අතින් මරණයට පත්වූ තරුණියකගේ කඳුලු කතාව – Photos

බලු සුරතලා කියන්නේ ගෙදරක ආදරේට ඇති කරන මිනිස් ගති තියෙන සතෙක්.
ඒ විදිහට සුරතලයට ඇති කරපු සුනඛයන් දෙදෙනා අතින් මරණයට පත්වුණු තරුණියක් ගැන ඇමරිකා එක්සත් ජනපදයේ Virginia ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
22 හැවිරිදි වියේ පසුවූ අදාල තරුණිය සුනඛයින්ගේ ගොදුරක් වෙලා තිබුණේ තමන්ගේ පියාගේම නිවසේදී.
Bethany lynn stephens නම් මේ තරුණියගේ ප්‍රාණය නිරුද්ධවූ පසු සිරුර ආහාරයට ගනිමින් සිටියදී සොයා ගෙන ඇති අතර ඒ අවස්ථාවේදීත් හිස කඳින් වෙන්ව තිබූ බවයි වාර්තා වන්නේ.
සුනඛයින් දින ගණනාවක් බඩගින්නේ සිට ඇති බවයි මියගිය තරුණියගේ සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා තිබෙන්නේ.
පණ පිටින් සිටියදී සුනඛයින් විසින් කිසිවටකත් ආහාරයට නොගන්නා බවත් මියගිය පසු මෙය සිදුකරන්නට ඇති බවටත් වාර්තා වනවා.
මෙම තරුණිය පුංචි කළ සිට සුනඛයින් සමඟ හැදීවැටී ඇති බවත් සඳහන්.
සුනඛයින් දෙදෙනා ආරක්ෂිත කූඩුවෙන් පිටවූයේ කෙලෙසද යන්නත් තවමත් රහසක් බවත් තරුණියගේ පියා පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!