Gossip

“මම මැරෙයි කියලා හිතුනේ නැ.. එහෙම වැටෙද්දිත් තව දෙපාරක්ම මට අනිනවා වගේ දැනුනා.. ඒත් මට එච්චර සිහියක් තිබුණේ නෑ මාමේ” – හදවත් සසල කළ ගිම්හානගේ සංවේදී වචන පෙළ

මාතරදී පසුගියදා උපකාරක පංතියක් අසල සිදුවූ ගැටුමකින් මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ රසිදු ගිම්හාන අවසන් ගමන් ගියා.
ඔහුගේ ඒ වියෝව ගැන රටම කතා වුණත් ගිම්හානගේ තාත්තා සහ අම්මා මොන තරම් කියාගන්න බැරි වේදනාවකින් දුක් වෙනවා ඇතිද..?
ඒ අම්මගේ හිතේ මොන වගේ සිතුවිල්ලක් ඇතිද..?මියගිය ගිම්හානට නැවතත් හුස්ම ඇවිත් හිතන්න පුළුවන්නම් මොනවා දැනෙයිද..?
ඒ ගැන ලියවුණු සංවේදී සටහනක් තමයි මේ…

“දැන් දවස් තුනක් මම මගේ ජිවිතේට දැකලා නැති අය අපේ ගෙදර වත්ත පිරිලා අනේ ඒ හැම කෙනෙක්ගෙම මුණට මම එබිලා බැලුවා…
ඔයාලා මං ගැන කතා වෙනවා දුක් වෙනවා මටත් එකට ටිකක් එකතු කරන්න කට ඇරියත් ඔයාලා ඇහුනේ නැ වගේ ඉද්දි දුක හිතුනා.”
මට ගේ ඇතුලේ ඉන්න බැ මගෙ රත්තරන් අම්මගේ අදෝනාව තවත් ඉවසන් එකයි ටිකකට එළියට ආවේ..
“මගෙ එකා වැරදිනම් ඇයි පුතේ රිදෙන්න ගහලා ඒත් මදිනම් අතක් පයක් කඩලා හරි මට මගෙ කොල්ලා නොදුන්නෙ”
“ඇදක පුටුවක ඔත්පල වෙලා හරි මට මගේ සුදු මහත්තයගේ මුණ බලන් ඉන්න වසනාව පින නැතිඋනාද දෙයියනේ”
“අද පන්ති නේද සුදු මහත්තයා නැගිටින්න දැන් හොදටම පරක්කු වෙලා”
අනේ ඒ විලාපේ දොංකාරය ඔයාලටත් ඇහෙනවද නැන්දේ මාමේ..
එදා උදේ ..
“සුදු මහත්තයා පංති කාඩ් එක අද ගන්න ඕනා නේද අන්න තාත්තා මේස උඩින් සල්ලි තියලා හංදියට ගියා”
“කෝ ඔය යන්නද හදන්නේ මොකද අද වැන්දට මුණ ඉඹින්නේ නැත්තේ “කඩචොරැ වලට සල්ලිනේ..මෙන්න මේ දෙසිය තාත්තගෙ කමිස සාක්කුවෙන් ඕකත් ගත්තේ මන්”
“පාර දිගේ ඇවිත් හංදියට හැරෙද්දිම තාත්තා පයින් එනවා මම බොරළු පාරේම දණගහලා වදිද්දී කවදාවත් හරියට මුණක් බලලා කතා⁣ නොකර තාත්තා…
සුදුමහත්තයා ඔය ඇදුම කිලිටි වෙනවා ඔය දනිස් තුවාල වෙයි පොඩි පුතේ ගල් කැට වලට”
කවදාවත් ඉතුරැ නොදෙන කොන්දොස්තරගේ රැපියල ලැබුන වගේ මගේ පපුව අවිලිලා ගියා ඒ වචන ටිකකට
“පංතිය ගාවට යද්දිම සිතිජ තව යාළුවෝ දෙන්නෙක් එක්ක ඇවිත් කතා කරන්නත් කලින් ගහන්න ගත්තා මටයි තව යාළුවෙක්ටයි..
“සිතිජ යකඩයක් වගේ එකකින් මට ගහද්දි ගහද්දි මන් කොහොම හරි ඒක අල්ලගන්න උත්සහා කරා.. ඒක අල්ලන සැරයක් ගානේ අත පලාගෙන යනවා වගේ දැනුනා එතකොටයි මට තේරැනේ එක පිහියක් කියලා”
“අනේ එක පාරක් මගේ පපුව හරියට වැදුනා මට අතින් අල්ලන්න බැරි උනා අත පණ නැතිවෙලා..රත් උන උල් යකඩයක් මස් සිදගෙන ඊතලයක වේගෙන් යනවා වගේ දැනුනා අයියේ”පපුව හිරඋනා මම ටිකක් දුරට දිව්වා නැන්දේ මාමේ කියාගෙන..
“අනේ මගේ බාටේ පැටලුනානේ..මගෙම වෙලාව තමා හැරිලා බලද්දී ආයිමත් මගෙ යාළුවා සිතිජ ලගට ඇවිත්,එයා ආයෙත් පාරක් මට ඒ පිහියෙන් ඇන්නා අයියේ එකනම් කියන්නත් අමාරැයි ගොඩාක් වේදනාවෙන් මන් කෑගැහුවා..හරියටම පපුව මැද්දට එක වැදුනේ මට මාව අමුවෙන් පිච්චෙනවා වගෙයි දැනුනේ,හැමදේම උඩි යටි කුරැ වෙලා පෙනෙන්න ගත්තා පාර අයිනෙම මාව වැටුනා අගලට වැටෙයි කියලා මම පරිස්සමෙන් පරේම වැටුනා අතක් පයක් කැඩුනොත් කාණුවේ වැටිලා…
“අනේ මගෙ නොතේරුම තමයි අයියේ මැරෙන්න හිතන් ආව ගමනක් නෙමේනේ,අනික මම මැරෙයි කියලා හිතුනේ නැ,එහෙම වැටෙද්දිත් තව දෙපාරක්ම මට අනිනවා වගේ දැනුනා ඒත් මට එච්චර සිහියක් තිබුනේ නැ මාමේ”
“නැන්දේ මාමේ අයියේ අක්කේ මන් තරහා නැ ඒ වෙලාවේ ඔයාලට මන් වෙනුවෙනුත් මැදිහත් වෙන්න බැරි උන එකට..තමන්ගෙ ප්‍රශ්නත් තමන්ට විසදගන්න බැරි සමාජයක අහක යන කුණුවලට අත දාන්න ඔයලා වගේම මමත් ආස කෙනෙක් නෙමේ,ඒත් ඇයි මට මේහෙම කරේ එයාලා අයියේ..
“ඔයාලා වට වෙද්දිත් මම මගේ හුස්ම අත ඇරලා මගෙ සුදු අම්මගෙ මුණ බලන්න එන ගමන් මාමේ”
“අන්න මාව එළියටත් ගන්නවා පාංසකුලේ දෙන්න ලැස්ති වෙන්නේ මට මාව දකිද්දි හිත ⁣පිරෙනවා මං අද හරි ලස්සනයි නේ අයියේ.. ලබන සතියේ යාලු මනමාලයෙක්ට යන්න මහපු ඇදුම එක”
මම යන්නම් අයියේ තව වැඩි වෙලාවක් මට නැහැ යන්න කලින් අම්මා තාත්තා ගාවට එක පාරක් ගිහින්…
“අනේ මගෙ තාත්තා අස් වලින් පිට කරගන්න බැරි කදුලුත් එක්ක ඒ අස් හොඳටම ඉදිමිලා හෙම්බත්වෙලා”
“අපේ තාත්තා දියවැඩියා රෝගියෙක් අයියේ . අම්මා එක්ක නිතර කියනවා මට ඇහෙනවා නෝනා මගෙ කාලය අද හෙට ඉවර වෙලා යයි , ඒත් අපේ සුදු මහත්තයා දවසක මං වගෙ ගොඩක් අය සනිප කරයි . එදාට ඉන්න තැනකට මට ඒ පිනම ඇති,
“මම දණ ගහලා අන්තිම පාරට ඒ රත්තරං කකුල් වැන්දා ඒ මුණට එබිලා වැටෙන කදුලු කැට අත් දෙකෙන්ම පිහ දැම්මා..”
තාත්තේ සුදුමහත්තයා ගිහින් එන්නම්. එයාට ඇහෙන්නේ පෙන්නෙ නැ මාමේ…
අම්මා ගාවටනම් ලාංවෙන්න ගොඩක් ආමාරුයි නැදැයෝ හැමෝම වට වෙලා. පව් අහිංසකි සැරින් සැරේට සිහි යනවා එනවා. ඒ විලාප මැද්දේ කකුල් දෙක ගාවට මම පාත් උනා…
“මගේ රත්තරං අම්මෙ මම ගිහින් එන්නම් මුණ ඇති තරම් ඉඹලා මම කියවනවා ඒයාට ඒවා දැනුනේ නැ නැන්දේ.”
මගෙ රත්තරං අම්මේ, තාත්තේ ඔයාලගේ සුදුමහත්තයාට මේ වැට මායිමෙන් යන්න වෙලාව ඇවිදින්, මේ සසරෙන් ඔයලාගෙන් යන්නම යන්නත් වෙලාව ඇවිදින්…
මං ඉල්ලුවා, පැතුවා, ප්‍රාර්තනා කරා, මතු ආත්ම පුරාවට ඔබෙම සුදුමහත්තයා වෙලා ඉපදෙන්න කියලා අම්මේ, තාත්තේ!

උපුටා ගැනීම – Sameer Jay

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!