Gossip

කිසිවෙකුටත් නොකියා හොර රහසේම සඟවාගෙන සිටි පෙම්වතා ගැන ටීනා ෂනෙල් හඬ අවදි කරයි

ඇය කලාවට එන්නේ නිරූපණ ශිල්පිනියක ලෙසයි.
අද වන විට පුංචි තිරය, රිදී තිරය යන කලා මාධ්‍යයන්හි ඇගේ රංගන ප්‍රතිභාව මනාවට පෙන්නුම් කර තිබේ.
ඇය ටීනා ෂනෙල්ය.
ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ටීනා මේ විදිහට කියලා තිබුණා.

ටීනා ඉතින් කොහොමද ?
හොඳින් ඉන්නවා.

ඔබ තෝරා බේරාගෙන රඟපානවා කියන්නේ ඇත්තද..?
ඔව්. එහෙම නැතුව මම රඟපෑවා නම් මේ වන විට ටෙලි නාට්‍ය හා චිත්‍රපට විශාල ප්‍රමාණයක රඟපාන්න තිබුණා.
නමුත් මම ලේසියකට වැඩක් බාර ගන්නෙ නෑ. රූපවාහිනියෙ නිතර දකින මූණක් වෙන්න මම කැමැති නෑ.
මොකද මගේ වෘත්තිය නිරූපණ ක්ෂේත්‍රය. මට ඕනෑ නිරූපණ ක්ෂේත්‍රයේ ලංකාවේ කතාබහට ලක්වූ නිරූපිකාවක් වීමටයි.

ඇයි නිරූපිකාවක් ලෙස වැඩ කරන්න කැමැති..
මම මේ ගමන ආවේ මගේ උත්සාහයෙන් වගේම බොහෝ කටු කාලා. නිරූපණ ක්ෂේත්‍රය වගේම මියුසික් වීඩියෝවල පෙනීසිටින්නත් මම කැමැතියි.
මට හිතෙනවා එම මාධ්‍යයන් දෙකේම වැඩ කිරීම පහසුයි කියල. මොකද, එහි තමන්ගේ හැකියාව තනියම පෙන්වන්න පුළුවන්.
රංගනයේදි එහෙම බෑ. අපි කොතරම් මහන්සි වුණත් අනෙක් අය දක්ෂ නැතිනම් සමහර විට මුළු නිර්මාණයම අසාර්ථක වන අවස්ථා තිබෙනවා.
නමුත් රංගනයේදී, නිරූපණ ක්ෂේත්‍රයට වඩා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් අතරට යා හැකියි. ඒ නිසා ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවාද ?
දැනට නම් කිසිම අලුත් නිර්මාණයක් භාරගෙන නෑ. හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්න කැමැතියි.

ටීනා පෙම්වතියක්ද ?
ඔව්. එයා ගැන පසුවට කියන්නම්.

කවුද ඔබේ ගමනට සහාය වෙන්නේ..
මගේ අම්මයි අක්කලා දෙන්නයි. අනිත් අය මගේ යහළුවෝ සහ මට ආදරය කරන ප්‍රේක්ෂකයින්. විශේෂයෙන් මගේ අක්කල දෙන්නා නිසා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ සියලු දෙනාටම ස්තූතියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!