Gossip

අද රැස්වෙන පාර්ලිමේන්තුවේ අලුත්ම තත්ත්වය මෙන්න

පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බවයි.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

අද දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ආණ්ඩු පක්ෂය පවසනවා.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පෙරවරු 08.30ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන බවයි.

එහිදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!