Gossip

රටක් කැළඹූ බෝම්බ ප්‍රහාරයෙන් ලොව පුරා රටවල් රැසක් ශෝකය පළ කරයි – අයිෆල් කුළුණේ විදුලිපහන් නිවා දමයි

ශ්‍රී ලංකාවට ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ලොව පුරා රටවල් රැසක ශෝකය පළ කර තිබෙනවා.

ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලිපහන් නිවා දමා ශෝකය පළ කර තිබෙනවා.

එරට වේලාවේන් රාත්‍රී 12ට අයිෆල් කුළුණේ මෙලෙස විදුලි පහන් නිවා දැමීමට කටයුතු කළ බව අයිෆල් නිල ටිවිටර් ගිණුමේ දැක්වුණා.

මේ අතර රුසියාවේද පහන් දල්වමින් ශෝකය පළ කළ අතර, ඊජිප්තුවේ විදුලි ආලෝකවලින් ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කළ බව විදෙස් වාර්තාවල දැක්වුණා.

එමෙන්ම මලයාසියාවේ දී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පහන් දල්වමින් ශෝකය පළ කර තිබෙනවා.

ලොව පුරා කලාකරුවන් ද ශ්‍රී ලංකාවේ ඊයේ ඇතිවූ තත්ත්වයට ශෝකය පළ කර තිබෙන අතර ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන අභිෂේක් බච්චන්ද, අනුෂ්කා ශර්මා, ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්, සුප්‍රකට ඇමරිකානු ගායිකාවන් වන, සෙලින් ඩියෝන් සහ මරායා කැරේ ද ඒ අතරට අයත්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!