Gossip

“බෝම්බ අවදානමක් නිසා මට පල්ලියට යන්න එපා කියලා තාත්තා කිව්වා” – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

ඊයේ (21) දින කොළඹ, කටුවාපිටිය සහ මඩකළපුව ප්‍රදේශයේ දී සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා තොරතුරු ලබා දුන් බව දේශපාලඥයින් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා

ඒ අනුව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට විදේශ බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ දැනුවත් කර ඇති බවට වන තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය විසින් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම ප්‍රහාරයන් සඳහා සම්බන්ධ වන බවට සැකකරන පුද්ගලයින් 06 දෙනෙකු සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් සිදුකිරීමට සුදානම් ප්‍රහාරයන් ගැනද තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඊයේ (21) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සති තුනක පමණ කාලයක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිය පියා විසින් කොළඹ දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බැවින් දේවස්ථානයට නොයන ලෙස පසුගිය 20 වෙනිදා දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටි බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!