Gossip

රජය කරන්න ඕන දේ කළේ මමයි – මුස්ලිම් ජනතාවත් මගෙන් ඉල්ලීමක් කළා

රට තුළ ජාතීන් අතර අසමඟියක් ඇතිව තිබෙන මොහොතක රජය විසින් සිදු කළ යුතු කාර්යයක් තමා විසින් මැදිහත් වි ඉටු කළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද(09) උදෑසන මහනුවර දි සියලූම මහනායක, අනුනායක ස්වාමීන් වහන්සේලා, මවුලවීතුමන්ලා හා හින්දු පූජක තුමන්ලා සමඟ මහනුවර ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මුස්ලිම් ජනතාවගෙන් තමා වෙත ලැබුණ ඉල්ලීමක් නිසා මෙවැනි සාකච්ඡාවකට පැමිණි බවත් තමා මැදිහත්කරුවෙකු ලෙස මෙහිදී කටයුතු කළ අතර එය ප්‍රතිඵලදායක බව ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

සිංහල ජනතාව ඉවසන ආකාරයට මුස්ලිම් ජනතාවගේ ද ඉවසීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී කථා කළ බව ද මෙහිදි සඳහන් කළා.

කෙසේ වෙතත් ඇතිවු තත්වයට රජය වගකිව යුතු බවත් පොලීසියට එහිදී තීරණ ගැනීමේ හැකියාවක් නොතිබුණ බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසූ අතර සාමයෙන් හා ඉවසීමෙන් යුතුව සියලු ජාතීන්ට කටයුතු කරන ලෙස ද කියා සිටියා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!