Gossip

කොස් මල්ලිගේ හිස කෙසෙල්වත්තේ කුණු ගොඩකට ආවේ, මොහොමඩ් රිස්‌කාන්ගේ ඝාතනයට කරපු පලිගැනීමක් විදියටද ?

අබිරහස්‌ අන්දමින් ඝාතනය කළ කඩුවෙල පාතාලයේ ප්‍රබලයකුගේ කඳෙන් වෙන් කරන ලද හිස කොටස කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ අතුරුමාර්ගයක කසළ ගොඩක තිබියදී පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) සොයා ගැනුණා.

මෙහිදී ඝාතනයට ලක්‌වූ පුද්ගලයා කඩුවෙල පාතාලයේ නායකයාව සිටි රණාලේ සමයාගේ සමීපතම ගෝලයා වන කොස්‌මල්ලී නමැත්තාගේ බවට හඳුනාගෙන තිබෙන බවත් සදහන්.

මෙම ඝාතනය දකුණේ පාතාලයේ නායකයා බව කියන මාකඳුරේ මධුෂ් නමැත්තා මෙහෙයවන පාතාල කල්ලිය විසින් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මීට දින කීපයකට පෙර අලුත්කඩේ ප්‍රදේශයේදී වාහන කුලියට දෙන ආයතනයක හිමිකරු වූ මොහොමඩ් රිස්‌කාන් නමැත්තාට වෙඩි තබා ඝාතනය කර තිබුණු අතර එම ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස කොස්‌මල්ලී නමැති පාතාල සාමාජිකයා ඝාතනය කර ඔහුගේ හිස කොටස රිස්‌කාන් නමැත්තා ඝාතනයට ලක්‌වූ ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

ඝාතනයට ලක්‌වූ කොස්‌මල්ලී නමැත්තා මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක්. අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ සමීපතමයකු වූ රත්තරං නමැත්තා අංගොඩදී වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබුණේ රණාලේ සමයංට සහ කොස්‌මල්ලී නමැති පාතාල අපරාධකරුවන් වෙතයි.

පසුගිය දා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ මොහොමඩ් රිස්‌කාන් නමැත්තා දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙක්.

රිස්‌කාන් ඝාතනය සඳහා කුලී ඝාතකයන් පැමිණ සිටියේ කොස්‌මල්ලීට අයත් යතුරු පැදියෙන් බව පසුව හෙළි වී තිබෙනවා.

කොස්‌ මල්ලී නමැති පාතාල සාමාජිකයා වෙනත් ස්‌ථානයකදී ඝාතනය කර ඔහුගේ හිස කොටස ඊයේ අලුයම කෙසෙල්වත්ත ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ඝාතනයට ලක්‌වූ පාතාල සාමාජිකයාගේ සිරුරේ කඳ කොටස සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!