Gossip

කොළඹ ආරක්ෂාවත් තර කරයි – මුස්ලිම් කඩ වසා දමයි

කොළඹ ප්‍ර දේශ කිහිපයක මුස්ලිම් වෙළෙදසැල් මේවන විට වසා දමා තිබෙන බවට වාර්තා වනවා.

ඒ අනුව මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හංදිය සහ පිටකොටුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක බොහොමයක් මුස්ලිම් කඩ සාප්පු වසා දමා තිබෙනවා.

මහනුවර ඇති වු නොසන්සුන්තාවයට විරෝධය දක්වමින් මෙලෙස කඩසාප්පා වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

මහනුවර සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි ක්‍රියා නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ව්‍යාපාරිකයින් සිය වෙළෙඳසැල් වසා දමා ඇති බවයි මේ පිළිබඳව සොයා බැලීමට ගිය අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර මේවන විට කොළඹ ආරක්ෂාවද තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ප්‍ර දේශයේ ආගමික් ස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ විවිධ ස්ථානවල හමුදා සාමාජිකයින්ද යොදවා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!