Gossip

රජයේ නාලිකාවක ප්‍රසිද්ධ නිවේදකයෙක් පුද්ගලයෙකුට පිහියෙන් අනියි – අධිකරණ තීන්දුව මෙන්න

වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට රජයේ ප්‍රධාන නාළිකාවක රාත්‍රී සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විසින් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කඩවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 9 වන දා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ඇතිවූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර ලියනගේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේවෙතත් මේ පහරදීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා අද දිනයේදී කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එ් අනුව ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!