රෝගී තත්වයක් නිසා මියගොස් භූමිදාන කළ ගැහැණු ළමයෙක් දෙවසරකට පසු නිවසට ආ පුවතක් වාර්තා වනවා.
මේ පුවත වාර්තා වෙන්නේ සැම්බියාවෙන්.
ඇය නැවත නිවසට පැමිණීමත් සමඟ ඇගේ දෙමව්පියන් මෙන්ම ප්‍රදේශවාසීන් ද විමතියට පත්ව සිටිනවා.
කෙසේවෙතත් ඇය පවසන්නේ වසර දෙකකට පෙර මියගොස් භූමදාන කළේ ඇය නොවන බවයි.
කෙසේවුවත් මෙහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පොලිසියට යෑමට ද සිදුවී තිබෙනවා.
ඒ අනුව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පවත්වා අදාළ ගැහුණු ළමයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අදාළ ගැහැණු ළමයාගේ උප්පැන්න සහතිකය ඇතුළු අනන්‍යතාව හඳුනාගත හැකි සහතික පොලිසිය වෙත භාර දී තිබෙනවා.