Gossip

යුවළක් සිය හනිමූන් රාත්‍රිය රූගත කරන්නට කැමරා ශිල්පියෙක් ඉල්ලා දැන්වීමක් පල කරයි -ලක්ෂ 4ක් ගෙවන්නත් සූදානම්ලු

සිය හනිමුන් රාත්‍රිය රූගත කරගැනීම සදහා කැමරා ශිල්පියකු සොයමින් පල කල දැන්වීමක් වෙත විදෙස් මාධ්‍යයේ අවධානය යොමුවී තිබෙනවා.

මේ සිද්ධිය වාර්තා වන්නේ එංගලන්තයේ ග්ලොෂ්ටශයර් ප්‍රාන්තයෙනුයි.

මේ යුවල කාමර ශිල්පියා සඳහා පැය දෙකක කාලය සදහා පවුම් 2000 හෙවත් රුපියල් ලක්ෂ 4කට අධික මුදලක ගෙවීමට සුදානම් බවටත් වාර්තා වනවා.

එමෙන්ම මෙම අවස්ථාව රූගත කිරීම සඳහා විවාහ උත්සවය රූගත කරන කැමරාශිල්පියාට ආරාධනා කර ඇති අතර ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය හනිමූන් රාත්‍රියේ වීඩියෝව විනාඩි 90ක පමණ වීඩියෝවක් විය යුතු බවත් එමෙන්ම එම වීඩියෝව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකු අතට පත්විය නොහැකි බවත් එම යුවළ පවසනවා.

ඒ අනුව මෙම රූගත කිරීම අලුයම එකට ආරම්භවී අලුයම තුනට පමණ නිමා කරන් බවත් එදිනට තිබෙන සාදය මත වෙලාව වෙනස් විය හැකි බවත් මනමාලිය පවසනවා.

“මංගල දිනයේ අපේ ජීවිතයේ වැදගත්ම දවසයි එකේ අපිට සීමාවක් තියෙන්න විදහක් නෑ.ඒ වගේමයි මංගල රාත්‍රියත් ඉතා වැදගත්. ඒ දවසේ කිසිම මොහොතක් අපිට අමතක කරන්න බෑ. ඇයි අපි හැම දෙයක්ම රූගත කරලා තියාගන්නේ නැත්තේ.” කියලායි ඇය පවසා ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!