Gossip

“ඔහු මදහසින් ළංවුණා..කොල්ලා කොච්චර දඟද කියනවානම් රෝහල් භූමියෙන් සමුගත්තෙත් Flying Kiss එකකුත් දීගෙනයි”

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානිද සොයිසා කියන්නේ කවුරුත් දන්න චරිතයක්.

ඇය සිය මුහුණුපොතට විවිධ අදහස් එකතු කරනවා.

ජාතික රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකුගේ කතාවක් ගැන ඇය සිය මුහුණුපොතේ අමුතුම සටහනක් මේ විදිහට තබා තිබුණා.

සටහන පහතින්…

ඔහු මදහසින් අප වෙත ලංවුණා
කඩවසම්, දගකාර ඔහු –
“මිස් බාත්රූම් එකේ වැටිලා ඔලුව පැලුනා” කිව්වා
එන්න- අපි ඔහුව ප්‍රතිකාර සදහා යොමු කරා..
ඔහුගේ හැඩයෙන්ම ඔහු පිටුපසින් යෑමට මා පෙළඹුනා
ලේ ගලන තුවාලයට බෙහෙත් දැමීමට සුදානම් වන විට ඔහු අපේ අයට අන දුන්නා – “ප්ලීස් ග්ලව්ස් දෙකක් දාගන්න”
එයයි ඔහුගේ විශේෂත්වය …..
සියල්ල අවසැන ඔහු මට කනට කොදුරා කියනවා – “මිස් මට ඒඩ්ස්” කියලා
සතුටුයි මට ඔහු ගැන….
සිදුවූ වරද වටහාගෙන ආරක්ෂිතව ජීවත් වන එක ගැන..
කොල්ල කොච්චර දගද කියනවනම් රෝහල් භූමියෙන් සමුගත්තෙත් Flying Kiss එකකුත් දීිගෙනයි කියමුකෝ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!