Gossip

යන්නම ගිය පෝතාස් ලංකාව ගැන කියපු දේවල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන කාලයේදී ‍ පුහුණුකරුවෙකු ලෙස තමන්ට ඉගෙන ගැනීමට හා වර්ධනය වීමට අවස්ථාවක් ලැබුණ බවත් දක්ෂතාවන්ගෙන් පිරුණු ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් ලබාදීමට අවස්ථාවක් ලැබුණ බවත් ශ්‍රී ලංකා හිටපු පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් පවසනවා.

තම ඉල්ලා අස්වීම බාරදෙමින් හිටපු පුහුණුකරු මේ බව සඳහන් කළා.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධවීමට ලැබීම ගෞරවයක් බවත් තම ධුර කාලසීමාවේදී උපකාර කළ සෑම අයෙකුටම ස්තුතිය ප්‍රකාශ කරන බවත් පෝතාස් පවසා සිටියා.

කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමත් සමඟ පෝතාස්ට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වගකීම පැවැරුණු අතර, ඔහුගේ සේවා කාලය මෙම වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ තමන්ට සහාය පුහුණුකරු තනතුර ලබා දෙන මෙන් මෙයට පෙර ක්‍රිකට් ආයතනයෙන් ඔහු ඉල්ලීම් කළද ක්‍රිකට් ආයතනය එයට අනුකූලතාව දක්වා නොමැති බවද දැනගන්නට ලැබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!