Gossip

“හිතුවේ නෑ ජීවිතේ මේ වගේ සටහනක් ලියන්න” – කැලණි ගඟේ ගිලී සමුගත් ටෙලි නිළිය වෙනුවෙන් හිතවතුන් හඬා වැටුණු හැටි – Photos

ජීවිත රංගනයට තිත තබමින් ටෙලි නාට්‍ය නිළියක් ඊයේ අවසන් ගමන් ගියේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින්.
කැලණි ගඟේ දියනෑමට ගිය 27 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක් වන තුෂානි ද සිල්වා මෙලෙස ජීවිත ගමනින් සමුගත්තා.
ඇය මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
පවුලේ අය එක්ක කිතුල්ගල පැත්තේ සංචාරයකට පැමිණි තුෂානි ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී කැලණි ගඟේ ඊයේ පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව ගඟේ ගසාගෙන ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම ස්ථානයේ දිය නෑම අවදානම් බව සදහන් දැන්වීම් පුවරු පවා සවිකර තිබු බවද පොලිසිය පවසනවා.
තුෂානි චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයක සහය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.
ඇයගේ මෙම සමුගැනීමත් සමග හිතවතුන් සහ රසිකයන් මුහුණුපොතේ දුක්මුසු සටහන් තබා තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!