Gossip

යට ඇඳුමේ ගහගෙන යනවා, කවුද මහත්තයෝ ගෑණු කෙනෙකුගේ ඇඟ අතගාන්නේ, හිරගෙවල් හතක යන්න වෙන්නේ අපිට – වීඩියෝ

පොළොන්නරුව දිසා විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අද (21) සිදු කරන ලද වැටලිමකදී කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයාගේ සහෝදරයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

මීට පෙර කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

මෙලෙස අද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයාගේ සහෝදරයාත් සහෝදරියත් සහෝදරිගේ අවුරුදු 15 වන දියණියද සිටිනවා.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ මෙම පවුලේ සියලුම දෙනා කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවයි.

තවද මෙම දියණිය විසින් කුඩු තම යටඇඳුම්වල සඟවා රැගෙන ගොස් අලෙවි කරන බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

පොලොන්නරුව පොලීසිය සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!