Gossip

අදත් අපි සිම්බාබ්වෙන් කයි කියලා හිතේ කොනක සාධාරණ සැකයක් තියෙනවා මිත්‍රවරුනි – මැච් එක අස්සේ අදත් බුකිය කැළඹෙයි

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 198 ක් පමණයි.
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 58 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 04ක්, ලක්ෂාන් සඳකැන් සහ නුවන් ප්‍රදීප් කඩුලු 02 බැගින් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 199 ක් වෙනවා.
මෙම තරඟාවලිය තුල රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්යයි.
මෙම තරගය පැවැත්වෙමින් තිබියදීම මුහුණුපොත පුරා විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙමින් තිබුණා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි පෝස්ට් කිහිපයක් ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!