Gossip

තුන්කොන් සටනේ සිංහයන්ට තීරණාත්මක වූ තරඟයේ ඉරණම විසඳුනු හැටි මෙන්න

තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන තරඟය කඩුලු පහකින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළ අතර පන්දුවාර 44ක් තුළ සියලුදෙනා දැවී ඔවුන් රැස්කරගත්තේ ලකුණු 198 ක් පමණයි.
බ්‍රෙන්ඩන් ටේලර් සිය 33 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58ක් රැස් කළා.
හැමිල්ටන් මැසකට්සා ලකුණු 20ක් සහ සොලමන් මිර ලකුණු 21ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු 04ක්, ලක්ෂාන් සඳකැන් කඩුලු 02 සහ නුවන් ප්‍රදීප් කඩුලු 03 බිඳ දැමීමට සමත්වුණා.
ඒ අනුව ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05කදී එම සිමාව පසුකර යමින් ජයග්‍රහණය වාර්තා කළේ ප්‍රේක්ෂක බලාපොරොත්තු වැඩිකරමින්.
කුසල් ජනිත් පෙරේරා පන්දු 57කදී ලකුණු 49ක් රැස් කළා අතර කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් සහ තිසර පෙරේරා ලකුණු 39ක් රැස් කළා.
මෙම තරඟාවලිය තුල රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!