Gossip

“යකඩ වගේ අත පය හතරක් දීලා උනුවෙන හදවතක් දුන්නෙ ඇයි අම්මේ” – පිහි පහරින් මියගිය සිසුවා මැරෙන්න කළින් කියපු දේ

මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වූ රසිඳ ගිම්හාන් පසුගියදා නොඑන ගමන් ගියේ තවත් සිසුවෙකුගේ පිහිපාරකින්.

මියගිය සිසුවා මාතර සෙන්තෝමස් පාසලේ ජීව විද්‍යා අංශයේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවෙක්.

24 වනදින දහවල් 1.00ට පමණ යතුරු පැදියකින් තවත් සිසුන් තිදෙනෙක් ඇලවේල්ල පාරට පැමිණ මෙම සිසුවාට පිහියෙන් ඇන පලා ගොස් තිබූ අතර තුවාල ලැබූ රසිඳ මාතර රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා.

මේවන විට මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අද පොලිසියට භාර වී ඇති අතර අධිකරණයෙන් ඔහුව ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඉතින් රසිඳ සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබූ සටහනක් සම්බන්ධයෙන් මේවන විට කතාබහක් ඇතිව තිබෙනවා. ඔහු ෆේස්බුක් ගිණුමේ තමා පිළිබඳ හඳුන්වා දී තිබුණේ “යකඩ වගේ අත පය හතරක් දීලා උනුවෙන හදවතක් දුන්නෙ ඇයි…අම්මේ” කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!