Gossip

පෙම්වතා විසින් පෙම්වතියගේ ගෙල සිර කර මරා දැමුවේ ඇයි? මොණරාගල සිද්ධියේ ‌හෙළි නොවූ කතාව මෙන්න

පසුගිය 24 වැනිදා මොණරාගල මගන්දලමුල්ල සු‍මේධ වැව ආසන්නයේදී ගෙල මිරිකා මරා දැමූ තරුණියකගේ මළ සිරුරක් හමු වී තිබුණා.

මේ වනවිට එම ඝාතනය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙන අතර මිය ගිය තරුණියගේ හිස කොටස වැව් ජලයේ එරී තිබුණ අතර සිරුරේ ඉතිරි කොටස ගොඩබිමේ තිබුණි. පසුව හමූ වී ඇති සාක්ෂිවලින් අණාවරණය වී ඇත්තේ ඇයව ඝාතනය කර මෙම ස්ථානයට ගෙනත් දමා ඇති බවයි.

එම ඝාතනය සිය පෙම්වතා විසින් සිදු කර ඇති බවත් අණාවරණය විය. ඉරෝෂිනී ප්‍රියංගිකා නම් වූ මිය ගිය තරුණිය මොණරාගල ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ. ඇගේ සහායට සේවය කර ඇත්තේද සිය පෙම්වතාගේ සොහොයුරියකි.

23 හැවිරිදි පෙම්වතා කොළඹ රැකියාව කරන්නෙකු බවත් කොළඹ සිට සතිඅන්තයේ ගමට එන ඔහු ප්‍රශ්නයක් ගැන කථාකරන්න තියනවා යයි ඇයට දැනුම්දී තිබූ බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.

ඉරෝෂිණී වෙනත් ඇසුරක් පවත්වන බවට හා වෙනත් කෙනෙකුගෙන් දුරකථන ඇමතුම් ලැබෙනව බවට ඇති වූ සැකයක් මුල් කර ගනිමින් දුර දිග ගිය කතාබහක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබේ.

මිය ගිය ඉරෝෂිණි දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ අතර ඔවුන්ගේ සම්බන්ධයට වැඩිහිටියන්ගේ ආශිර්වාදයද ලැබී තිබුණි.

මෙම ඝාතනය සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් ඇති තිබේ. එනම් මෙවැනි ඝාතනයක් සිදුවන අවස්ථාවක එය පටිගත කිරීම පමණක් නොකර වෙනත් දෙයක් නොකළේ මන්දැයි බොහෝ දෙනා අදහස් පළ කර තිබේ.

ඝාතනය පාරක් මැදදී සිදු කළත් මළ සිරුර හමුවන්නේ වැව ආසන්නයේය. මෙසේ බලද්දී අදාළ විඩියෝව සිදු කළ අය මළ සිරුර වෙනත් තැනකට ගෙනයනතුරුත් බලා සිටියාද යන කාරණා ගැනද සැක මතුවේ.

මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඝාතන සැකකාර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!