Gossip

“මෝඩ දේශපාලනයට ඇවිත්, අන්තිමට රොහාන් පල්ලේවත්තට වෙන්නේ රොහාන් වත්තපල්ලේ වෙන්න”

දැන් හැමතැනම වගේ කතාවෙන්නේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන.
මේ අතරින් රටේ ණය එක දවසකින් ගෙවලා ඉවර කරන්න පුළුවන් කියලා කියපු රොහාන් පල්ලෙවත්ත මහතාත් සිටිනවා.
ඔහු අලුත් පක්ෂයකුත් හැදුවා.
මේ දවස්වල ඔහු ජනාධිපතිවරණ සටනේ වැඩ ආරම්භ කරලා කියලත් අපිට දැනගන්න ලැබුණා.
කොහොම වුණත් මොහුගේ මේ වැඩපිළිවෙල ගැන අමුතුම සටහනක් සාහිත්‍ය හා කලා විචාරකයෙක් වන කුමාර ලියනගේ මහතා සිය මුහුණුපොතේ තබා තිබුණා.

එම සටහන පහතින්…

රොහාන් පල්ලෙවත්ත මහත්මයා,

මේ විදියට, මෝඩ දේශපාලනයට ඇවිල්ලා, අන්තිමට ‘රොහාන් පල්ලෙවත්ත’ මහත්මයාට වෙන්නෙ, ‘රොහාන් වත්තපල්ලෙ’ වෙන්න.

වටේ ඉන්න අවස්ථාවාදින්ට රැවටෙන්නෙ නැතුව, මෙතෙක් කලක් කර ගෙන ආපු, ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ලංකාව දිනවන්න.

ඒක හොඳට ම ඇති.

දේශපාලනයට ඇවිත් වරද්ද ගත්තා ම කවුරුත් නෑ. අතේ තියෙන සල්ලි මිටි ටිකක්, වෙන අය ගේ බෑන්ක් එකවුන්ට්වල තියෙයි. එච්චරයි වෙන්නෙ.

FB එකෙත් මම දැක්කා, ‘අනේ අපිටත් ඔබතුමන් ව හමුවෙන්න ආසයි‘, කියලා තියෙනවා. අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගන්න එපා.

පෞද්ගලික ව දන්න නිසයි, වේලාසණින් කියන්නෙ.

අර පිරිත්පොත්කාරයා වගේ හොර තක්කඩියන්ට රැවටිලා ඉන්න ඔබතුමන්ට පොදු සමාජය තේරෙන්නෙ නෑ.

ඔබතුමන්ටත් වඩා වැඩකාරයන් වුණ උපාලි විජේවර්ධනලාට, ලලිත් කොතලාවලලාට, වැරදුණා.

මෑත කාලයේ හොඳම උදාහරණය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.

ලෝකයේ තිබුණු දරුණු ම ත්‍රස්තවාදී සංවිධානය, තමන් ගේ රට තුළදීම, තමන් ගේ හමුදා බලයෙන් පරාජය කරන්න, දේශපාලන නායකත්වයක් එක්ක, හමුදා නායකත්වයක් දීලා, ඊට පස්සෙ කුමන්ත්‍රණකාරයන් ගෙන් ගොනාට ඇන්දිලා අද කැලණියේ මර්වින් සිල්වා ගාණට වැටිලා ඉන්න හැටි බලන්න.

ජෙනරාල් සරත් ෆොන්සේකාට මොළයක් තිබුණා නං, අද එතුමා ඉන්න ඕන, අඩු ගාණේ ආසියානු මට්ටමේ ආරක්ෂක උපදේශක තනතුරක. විනාඩියට ඩොලර් ගණන් උපයන්න තිබුණා.

නමුත්, එතුමාට අද යන එන අතක් නැති කරලා තියෙන්නෙ.

කොටි සංවිධානය පරාජය කරන්න හමුදා නායකත්වය දීපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් මෙහෙම වෙනවා නං, නො දන්නා දේශපාලනයක් කරන්න හදන ඔබතුමන්ට මොකක් වෙයි ද?

ඒක තමයි ඔබතුමාටත් අන්තිමට වෙන්නෙ, මේ විදියට ගියොත්.

වටේ ඉන්න ගොබ්බ උපදේශකයන්ටයි, අවස්ථාවාදීන්ටයි, තක්කඩි ඇඩ්වර්ටයිසින්කාරයන්ටයි, රැවටිලා කරන්න බැරි වැඩ, රටට කියන්න එපා.

UN අමතලා, Time සඟරාවේ කවරේ ඉඳලා ගේම ගහන්න ප්ලෑන් කළාට, ලංකාව කියන්නෙ වෙන රටක්.

‘ලංකාවට ඕන මහපොළොවේ අවංක ව මුල් ඇදපු, ලෝකෙ වටේ ඇවිදින්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක්.’

නේරු කෙනෙක්. ලී ක්වාන් යූ කෙනෙක්.

ලංකාවෙ මෑත කාලීන උදාහරණය ලක්ෂ්මන් කදිරගාමර්.

irreparable loss. දැන් අපට වෙලා තියෙන්නෙ, ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයාට ආසන්න චරිතයක් හදා ගන්න.

ඔබතුමන් ගේ විශේෂඥභාවය තියෙන්නෙ අන්තර්ජාතික ව්‍යාපාරික සමාජයේ.

ඒකේ සැරිසරන්න. රටට විදේශ විනිමය උපයලා දෙන්න.

අන්තිමට මේ රට ගැන කලකිරිලා, ඔබතුමා බංග්ලාදේශයට හරි, වියට්නාමෙට හරි, කොම්පැණියත් අරන් යයි, කියන අවදානම වේලාසණින් දකින නිසයි, මේ සටහන තියන්නෙ.

මම, කොන්දේසි විරහිත ව හිට ගන්නෙ රට පැත්තෙ.

මම, දන්න සේරම තාම කිව්වෙ නෑ, ඕං.

උපුටා ගැනීම – කුමාර ලියනගේ මුහුණුපොතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!