Gossip

මොරටුවේ පොහොට්ටුව පිපෙයි – දෙහිවල නගරාධිපති තෝරන්න ආයෙත් ඡන්දයක්

මොරටුව මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වී තිබෙනවා.

මොරටුව නගරාධිපති ලෙස යළිත් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පත්ව ඇති අතර ඔහු පක්ෂව ඡන්ද 23 කින් තේරී පත් වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයට පක්ෂව ඡන්ද 16 ක් ලැබී ඇති අතර විපක්ෂ නායකවරයා ලෙස පිලිප් ධාවිත් මහතා පත්ව තිබෙනවා.

9 දෙනෙකු ඡන්ද ලබාදීමෙන් වැළකී සිටි අතර ඒ අතර ශ්‍රීලනිපයේ 4ක් ජනාතා විමුක්ති පෙරමුණේ 4 සහ 1ක් ස්වාධීන අපේක්ෂකයෙකු ඇතුළත්.

මේ අතර දෙහිවල මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත්ව තිබෙනවා.

නගරාධිපති ධූරය තේරීම සඳහා ඡන්දයක් පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතාත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සුනේත්‍රා රණසිංහ මහත්මිය තරඟ වැදී තිබෙනවා.

විවෘත ලෙස පැවති මෙම ඡන්දයේදී නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා ඡන්ද 23 ක් හා සුනේත්‍රා රණසිංහ මහත්මිය ඡන්ද 21 ක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එම මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත්වුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!