Gossip

සාප්පු සංකීර්ණයක් ගිනි ගනියි – 37 දෙනෙකුට ජීවිතය අහිමි වෙයි

සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයෙන්.

මේ හේතුවෙන් තවත් 64 දෙනෙකු පමණ පිරිසක් අතුරුදන්ව සිටින බවද වාර්තා වනවා.

සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නෙන් දරුවන් ද ඇතුළුව තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

වින්ටර් චෙරි සාප්පු සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන ඇති අතර ඊට ගොදුරුවූ වැඩිදෙනා සිනමා ශාලාව තුළ සිටි පුද්ගලයින්.

රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝමීටර 3,600ක් නැගෙනහිරින් පිහිටි කෙමෙරොවෝ ප්‍රමුඛ පෙළේ ගල් අඟුරු නිෂ්පාදනය කරන ප්‍රදේශයක්.

ගින්නට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

2013 වසරේදී විවෘත කෙරුණු සාප්පු සංකීර්ණය සිනමා ශාලා, ආපනශාලා, ක්‍රීඩාගාරයක් මෙන්ම ළමා සත්ත්වෝද්‍යානයකින් ද සමන්විතයි.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට එහි වේලාවෙන් සවස 5 ට පමණ ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ විනෝදාස්වාද සංකීර්ණයට අයත් කොටසේයි.

ගින්නෙන් සිනමා ශාලා දෙකක වහල කඩා වැටී ඇති බව රුසියානු විමර්ශන කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වර්ග කිලෝ මීටර 1,500ක පමණ ප්‍රදේශයක ගින්න පැවති බව වාර්තා වෙයි.

මේ අතර සිනමා ශාලාවකින් මළසිරුරු 13ක් සොයාගෙන තිබේ.

හදිසි සේවා විසින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන ඇති අතර තවත් 29 දෙනෙකු මුදාගෙන ඇති බව වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!