Gossip

මාව එක එක අයට විවාහ කරලා දුන්නා – ළමයි හදලත් දුන්නා – දමිතා අබේරත්න

දමිතා අබේරත්න කිව්වම ඉතිං ඇක්ටින් ගැන තව මොනවත් කියන්න ඕනේ නැහැනේ. ඇය මේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියන් අතර කෙනෙක්.

කාලෙන් කාලෙට එක එක ජනප්‍රිය චරිත ආවා ගියත් දමිතලා හැමදාම එක වගේ බැබලෙනවා. තිරයේ නොපෙනුනත් දමිතගේ හැකියාව පේනවා. ඒක තමයි ස්ථාවර රංඟන ශිල්පිනියකගේ ලක්ෂණය.

දමිතාගෙන් හුඟක් අය අහන්නේ කවදද බඳින්නේ කියලානේ. ඒකට ඉතිං උත්තර දෙන්නේ කොහොමද.. දමිතා කියන්නේ මේ වෙද්දි හුඟක් අය මාව එක එක අයට විවාහ කරලා දුන්නා. ළමයි හදලත් දුන්නා කියලා. දමිතා විවාහ වෙලා කියලා කාලෙන් කාලෙට පළවෙන කටකතා ගැන තමයි ඇය එහෙම කිව්වේ.

දවසක ඇය විවාහ වේවි. විවාහයට එහෙම වයසක් නැහැනේ. ඒකට අවශ්‍ය වෙන්නේ ගැලපෙන හිතක් හඳුනාගැනීම පමණයි.

තමන්ගෙ නංගිව දූෂණය කරලා මරපු අයව හොයාගෙන ගිහිං ඒ සියලුමදෙනාව මරලා පළිය ගත්ත අයියා කෙනෙක් ගැන ඔයාලා අහලා තියෙනවනේ. හිතුමතේ ජිවිතේ නමින් ප්‍රසිද්ධ මේ පුද්ගලයාගේ ජීවිත කතාව සිනමාවට නැගෙනවා. එහි හිතුමතේගේ නැගනිය ලෙස චරිත නිරූපණය කරන්න තෝරගෙන තියෙන්නේ දමිතාව. ඒක වෙනස්ම සිනමා අත්දැකීමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!