Gossip

ගායන ශිල්පිණී අභිෂේකා විමලවීරගේ පියා මියගිහින් අවුරුද්දකට පසුවත් අගමැති උපන්දින සුභපැතුමක් එවලා

අභිෂේකා විමලවීර කියන්නේ ගායනයෙන් වීශාරදවරියක්. පසුගිය කාලයේ ඈ ගායනා කල නිස්සාර සංසාර ගීතය නිසා බොහෝ දෙනෙක් ඈ ගැන කතාකලා. හැබැයි අද ඇය බොහොම කණගාටුවෙන් තමයි ඉන්නේ. ඒ ගැන අභිෂේකා ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දාලා තිබුණා.

ප්‍රවීණ කලා ශිල්පී සුනිල් විමලවීර කියන්නේ අභිෂේකගේ තාත්තා. ඔහු වසරකට කලින් මියගියා. සුනිල් මහත්මයගේ උපන්දිනය යෙදිලා තිබුණේ අගෝස්තු 23 වෙනිදා. හැබැයි මේ කිසිම දෙයක් දන්නෙ නැහැ වගේ උපන්දිනයට සුභපතලා අගමැතිතුමා සුභපැතුමක් එවලා තියෙනවලු. මේ නිසා අභිෂේකා ඉන්නේ දුකෙන්. ඇය කියලා තිබුණේ කියන්න දෙයක් හිතාගන්න බැහැ කියලත් ලංකාව කියන්නේ අරුම පුදුම රටක් කියලයි.

කෙසේවෙතත් මේවන විට ඇය මෙලෙස දැමූ ෆේස්බුක් සටහන ඉවත් කරගෙන තිබෙනවා.

ඒ ගැනත් ඇය මෙලෙස සටහනක් යොදා තිබුණා.

ලියුම සම්බන්ධ පෝස්ටුව මැරුනු තාත්තා ගැන සිතා ඉවත් කළෙමි.ලියුම ස්කෑන් කර ඉල්ලූ නන්ගීට ඉන්බොක්ස් කරමි. තාත්තේ සමාවෙන්න.
දැන්වත් ඔබට සැනසීමක් ඉතුරු විය යුතුය!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!