Gossip

මේ වගේ දරුවන්ට උදව් කරන ඔයාලයි දෙවිවරු – Photos

මුහුණුපොත පුරාම පසුගිය දවස්වල ලස්සන පුංචි දියණියකගේ ඡායාරූප පෙලක් හුවමාරු වුණා.
ටෙනාරා මිහෙළි කියන මේ පුංචි දියණිය ගැන කතාවෙන්න පටන් ගත්තේ ඇයගේ පියා මුහුණුපොතේ දැම්ම සටහනක් නිසා.
මේ දියණියට අවුරුදු 4 සම්පූර්ණ වෙද්දි හදවත් රෝගයක් වැළදිලා.
ඒකට ඉතාමත් ඉක්මනින්ම සැත්කමක් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු පවසා තිබෙනවා.
මෙම ශල්‍යකර්මයට ලක්ෂ 8 ක මුදලක් අවශ්‍ය බවත් වෛද්‍යවරු පවසලා.
මේ දූගේ පියා ඇගලුම් ආයතනයක පුංචි රැකියාවක් කරන නිසා ඒ තරම් මුදලක් හොයාගන්න තරම් ඔවුන් පොහොසත් නැහැ.
සැත්කම කරන්නේ ලංකා හොස්පිට්ල් එකේ ඩොක්ටර් කාංචනා සිංගප්පුලි කියලා ඩොක්ටර් කෙනෙක්.
ඉතින් දුවගේ ජීවිතය බේරගන්න ඕන නිසා ඇයගේ පියා මුහුණු පොතට සටහනක් එක් කර හැමෝගෙන්ම උදව් ඉල්ලලා තිබුණා.
සුරංගනාවියක් වගේ ලස්සන මේ දියණියට උදව් කරන්න හුඟක් අය ඉදිරිපත් වෙලා.
තාත්තගේ උත්සහ සහ මුහුණුපොත නිසා දියණියගේ සැත්කම කරන්න මේ වෙද්දි මුළු මුදලම ලැබිලා තියෙනවා කියලා තාත්තා නැවතත් මේ විදිහට මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!