Gossip

මේච්චර කල් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ ඔප්පුවක් නැතුවද?

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණය සහිත ගොඩනැගිල්ල දියවන්නා ඔය මධ්‍යයේ අවුරුදු 37 ක කාලයක් පවත්වාගෙන ගොස් ඇත්තේ නිල ඔප්පුවක් නොමැතිව බව පාර්ලිමේන්තුවේදී හෙළිදරවු වුණා.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකිනුයි මේ බව අනාවරණය වුණේ.

ලබන ජුනි 05 දා පාර්ලිමේන්තුවේ ඔප්පු ප්‍රදානයකට ආරාධනා කරලා තියෙනවා. ඔප්පුවක් නැතුවද මෙච්චර කල් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ….. යනුවෙන් මන්ත්‍රීවරයා විමසුවා.

ඊට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ මේ ගැන පසුව පැහැදිලි කිරීමක් කරන බවයි.

පාර්ලිමේන්තු සංකිර්ණය සහිත ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු 1981 අප්‍රේල් මස 29 දා තඹ සන්නසකින් එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලබා දී ඇත. ඉන් පසුව යළිත් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුව පිහිටි භුමිය පුළුල් කරමින් තඹ සන්නසක් ලබාදී ඇත.
නමුත් නිල ඔප්පුවක් නොමැති නිසා ලබන 05 දා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නිල ඔප්පුව පිරිනැමීමට නියමිතයි. නව නිල ඔප්පුව ප්‍රකාරව පාර්ලිමේන්තුව සහිත මුළු ඉඩම අක්කර 12 රූඩ් 1 යි පර්චස් 32 ක්. ඊට දියවන්නාවෙන් එපිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භුමිය හා ගොඩනැගිලිද අයත් වන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!