Gossip

පියාගේ ඝාතනයෙන් පසු ධනංජය ද සිල්වා ක්‍රිකට් ගැන තීන්දුවක් ගනියි

ඊයේ (24) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පසු මියගියා.

මියයන විට 62 හැවිරිදි වියේ පසුවූ කේ. රංජන් සිල්වා මහතා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්.

ඒ මහතාගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට තිබුණු බව පොලීසිය සඳහන් කළා.

මේ අතර ධනංජය ද සිල්වා අද බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වීමට සූදානමින් සිටිය ද ඔහු ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!