Gossip

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයේ සුලමුල මෙන්න – ජනවාරි මාසයේ වෙඩික්කරුගේ ඉලක්කය වැරදිලා

රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර පාරේ ඊයේ රාත්‍රී 08.30ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගියේ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතායි.

මියයනවිට ඔහු 62 හැවිරිදි වියේ පසුවුණා.

සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමඟ කතා කරමින් සිටියදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර ඔහුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට ඇති බව පොලිසිය පැවසුවා.

පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මරණකරු දිවගොස් ඇති අතර ඔහු එළවාවිත් නැවත වෙඩි තබා ඇති බවටද වාර්තා වනවා.

මේ අතර මෙම වෙඩි තැබීම රත්මලාන ප්‍රදේශයට ව්‍යසනයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙය වන කුඩු අංජු නම් පුද්ගලයෙකු විසින් සිදු කරන ලද්දක් බවට රංජන් ද සිල්වා මහතාගේ පුත් හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා පවසා තිබෙනවා.

රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ව්‍යාපාරයට එරෙහිව ඔහු සහ පියා නැගී සිටීමට විරුද්ධව මෙම ඝාතනය සිදු කල බවයි සාවිත්‍ර ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ජාවාරම පිලිබදව පොලිසියට පැමිණිලි කල පසු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන්ගේ ජාවාරම වැටලු බවත් ඉන් අනතුරු තම පවුල සමග මේ පුද්ගලයින් වෛර බැඳගත් බවත් පැවසෙනවා.

පසුගිය ජනවාරි තුන්වෙනිදා වෙඩි තබා තමන්ව ඝාතනය කිරීමට මේ පිරිස උත්සහ කල බවත් එම උත්සය එම මොහොතේ අසාර්ථක වූ බවත් සාවිත්‍ර ද සිල්වා මහතා පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!