Gossip

මුළු දිවයිනේ ම යළි විදුලිය බිඳ වැටෙයි – හේතුව තවමත් නොදනී

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගැනීමට නොහැකි වු බවයි.

මීට දින කිහිපයකට පෙර ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීමක් සිදුවුණා.

ඊට හේතු වී තිබුණේ කොත්මලේ සිට බියගම දක්වා වු විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවු බිඳ වැටීමක්.

මේ අතර විදුලි ඉංජිනේරුවන් පසුගිය දා පැවසුවේ, ඔවුන් අද සවස 4.15න් පසුව සිදුවන විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකර බවයි.

මේ අතර අප කළ විමසීමක දී බදුල්ල, ගම්පහ, ගම්පොළ, මහනුවර, අනුරාධපුර, හෝමාගම හා බත්තරමුල්ල යන ප්‍රදේශවල මේ වන විට විදුලිය බිඳ වැටී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!