Gossip

ඝාතනයකින් අවසන් වූ අනියම් පෙම

මාතලේ අඹගහමුල බස්නැවතුම්පළ අසලදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මුගුරකින් පහරකෑමට ලක්වු පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

පොලීසිය පැවසුවේ අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල්කරගනිමින් ඇතිවු ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවය.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පහරදීමට සම්බන්ධ සැකකරු මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!